මම සමාජයට ඕනා විදිහට ජීවත් වෙන්නේ නැහැ..
නිරූපිකාවක් ලෙස වර්තමානයේ කටයුතු කරන පූජා වින්දි නිරන්තරයෙන්ම සමාජ මාධ්‍යයන් තුළ කතා බහට ලක්වන්නේ ජනප්‍රිය ටික්ටොක් තරුවක් ලෙසිනි. ටැටූ විලාසිතාවලටද දැඩි කැමැත්තක් දක්වන්නීයක්ද වන පූජාගෙන් අප මෙවර ඇයගේ ටැටූ විලාසිතා ගැන විමසුවා. මේ ඇය ඊට ලබාදුන් පිළිතුරුය.
ටැටූ අඳින්න හිතුවේ ඇයි..
ටැටූ එකක් අඳිනවා කියන අදහස් මට තිබුණේ නැහැ. හැබැයි ජිවීතේ මම මුහුණ දුන් අත්දැකිම් වගේම විවිධාකාර මුණ ගැසුණු මිනිස්සු නිසා මට හිතුණා ටැටූ එකක් අඳින්න. මගේ ජීවිතේ දිහා බැලුවොත් මම හොඳ වගේම නරක අත්දැකිම් මගේ ජීවිතේ තුළ විඳලා තියෙනවා.
දැනට ටැටූ කියක් විතර කරලා ඔබ ඇඳලා තියෙනවාද..
ටැටූ දැනට හතක් මම ඇදලා තියෙනවා. දකුණු අතේ ටැටූ කිහිපයක් තියෙනවා. වම් උරහිසේ වගේම වම් අතෙත් ටැටු කිහිපයක් තියෙනවා. තව දකුණු කලවේ උඩ ටැටු එකක් ඇදලා තියෙනවා.
ආයෙත් ටැටු එකක් අඳින්න අදහසක් නැද්ද..
ඔව්, අදහසක් තියෙනවා. මම ආසයි ටැටූ අඳින්න. මම හිතනවා තව එක ටැටූ එකක් නෙමෙයි අනාගතයේදී ටැටූ කිහිපයක් අඳියි කියලා.
පවුලේ අයගෙන් ලැබුණ ප්‍රතිචාර කොහොමද..
පවුලේ අය ගත්තොත් විශේෂයෙන්ම මගේ අම්මා තාත්තා දෙන්න. මට පූර්ණ නිදහස දීලා තියෙනවා. ඒ අයට වඩා වැදගත් මගේ සතුට විතරයි. ඉතින් ටැටූ එකක් ඇන්දා කියලා ඒ අයට ඒක ලොකු ප්‍රශ්නයක් නැහැ. මගේ සතුට තමා එයලාගෙත් සතුට.
ටැටූ එකක් ඇන්දාම සමාජයේ තියෙන පිළිගැනිමේ අඩුවක් තියෙනවාද?
මගේ ජිවිතේ හැමදේම කරන්නේ මට ඕනා විදිහට. ඉතින් සමාජය කොහොම මා ගැන හිතුවත් දැක්කත් ඒක මට ගැටළුවක් නැහැ. අනික් කාරණය තමයි මට අනිත් අය කියන දේවල් අදාල නැහැ. පුද්ගලිකව මම ඉඩ දිලා තියෙන්නේ මගේ කැමැත්තට. සමාජයට ඕනා විදිහට අපි හැඩ ගැහෙනවා නම් ඒක වැරදියි. මම නම් මගේ ජීවිතේ විඳනවා. සමාජයට පේන්න ජීවත් වෙලා වැඩක් නැහැ.
ටැටූ එකක් ඇන්දාම සරාගි බවක් ඉස් මතුවෙනවා කියන දේ ඇත්තද..
ඔව්, මමත් හිතනවා. පිටරට මිනිස්සු ඕනා තරම් ටැටු අඳිනවා. ඒක කලාවක්. මමත් ඒ කලාව රසවිඳිනවා.
ඔබගේ යාළුවෝ ඉන්නවාද ටැටූ ඇඳපු..
ඉන්න තරමක් යාළුවෝ මගේ ඉන්නේ ටැටු ඇඳපු අය තමා. ගොඩක් වෙලාවට අපි ටැටු අඳින්නෙත් එකම තැනකින් තමා. නිතරම අපි කරන ටැටු නිර්මාණ එහෙමත් කතා කරනවා.