Uthmirror

නිරූපිකාවක් විදිහට මම ක්ෂේත්‍රයට නම් ආවේ අහම්බෙන්

නිරූපිකාවක් විදිහට මම ක්ෂේත්‍රයට නම් ආවේ අහම්බෙන්

නිරන්තරයෙන්ම සමාජ මාධ්‍යයන් තුළ දකින මල්ෂි ටි මෙල් දක්ෂ නිරූපණ ශිල්පිණියකි. මෑතකදී බොහෝ පිරිසකගේ කතාබහට ලක්වූ ඡායාරූප කිහිපයකටම පෙනී සිටි ඇය නිරූපණ ක්ෂේත්‍රයට තවමත් නවකයෙකි. අභියෝගාත්මක නිරූපණ කටයුතුවලට දැඩි ලෙස ප්‍රියතාවයක් දක්වන මල්ෂිට මෙවර අපද ඉඩක් වෙන් කලා.

මල්ෂි කියන්නේ නිරූපණ ශිල්පිණියක්..

ඔව්, එහෙම කියන්නත් පුළුවන්. මම දැනට විශ්වවිද්‍යාල ශිෂ්‍යාවක්. දැනටත් පරිගණක විද්‍යා අංශයෙන් අධ්‍යාපනය හදාරනවා. ඒත්, එක්කම අද වෙද්දි නිරූපණ ශිල්පිණියක් විදිහටත් වැඩ කරගෙන යනවා. ක්ෂේත්‍රයට නම් සම්බන්ධ වුණේ අහම්බෙන්. මම විලාසිතාවලට ගොඩක් කැමති කෙනෙක්. ඉතින් මම කරන විලාසිතා දැකපු ගොඩක් අය ඇහුවා නිරූපණය පැත්තට සම්බන්ධ වෙන්න කැමති කියලා. මීට මාස හයකට විතර කලින් ක්‍රීෂාන් වී ඇලෙක්සන්ඩර් කියන ඡායාරූප ශිල්පියාගෙන් මට ආරාධනාවක් ලැබෙනවා ඡායාරූප කිහිපයකට පෙනී ඉන්න. ඔහු තමයි මාව නිරූපණ ශිල්පිණියක් විදිහට පළමු වතාවට ඡායාරූප ගත්තේ. ඒ පටන් ගත්තු ගමන තමයි අද මාව මේ තැනට ගේනාවේ.

ඔබ කරන නිරූපණ කටයුතු ටිකක් සරාගි පැත්තට බරයි නේද..

සමහර අය එහෙම කියනවා, සමහර අය කියනවා මම පෙනී ඉන්න ඡායාරූප ගොඩක් කලාත්මක ඒවාට කියලා. ඒක ඉතින් මිනිස්සුන්ගේ පෞද්ගලික මතයනේ. ඒ කොහොම වුණත් නිරූපණ ශිල්පිණියක් විදිහට මම ඕනෑම විදිහේ ඡායාරූපවලට පෙනී ඉන්න කැමතියි. හැබැයි කිසිම දවසක නිරුවතින් නම් ඡායාරූපවලට මම පෙනී ඉන්නේ නැහැ.

සරාගි ඡායාරූපවලට පෙනී ඉන්නේ ප්‍රසිද්ධියක් බලාපොරොත්තුවෙන්ද..

නැහැ. අභියෝගාත්මක දේවල් කරන්න මම ගොඩක් කැමැතියි. මම එක රාමුවකට කොටු වෙලා නැහැ, මට ඒ වැඩේ ගැළපෙනවා නම් මම කරනවා. අනිත් දේ තමයි මට සරාගි බවක් පේන හොඳ ශරිරයක් තියෙනවා. ඉතින් මම ඒක පාවිච්චි කරනවා මගේ නිරූපණ වැඩවලට. බිකිණියක් අඳින්න හැමෝටම බැහැ. ඒකට හොඳ ධෛර්යකුත් තියෙන්න ඕනා. සරාගි ඡායාරූපයක් දැක්කොත් හැමෝම දෙපාරක් බලනවා. ඒක ඇත්ත. හැබැයි ඒක ප්‍රසිද්ධියක් ලැබෙන්න තරම් දෙයක් නෙමෙයි කියලයි මම හිතන්නේ.

නවකයින්ට මේ ක්ෂේත්‍රය  ඇතුලේ විවිධ චෝදනා එල්ල වෙනවා..

ඔව්, ඒක ලංකාවේ ප්‍රශ්ණයක්ද, මුළු ලෝකයේම හැටි ඒකද කියන්න මම දන්නේ නැහැ. එහෙම අනවශ්‍ය යෝජනා මට ඕනා තරම් ඇවිල්ලා තියෙනවා. දැනටත් ලංකාවේ ජනප්‍රිය රංගන ශිල්පින් දෙදෙනෙක්ම මගේ වට්සැප් අවලංගු ලැයිස්තුවේ ඉන්නවා ඔය නිසා. මට ඒ ගැන කියනවා නම් කියන්න තියෙන්නේ උපාසක රූප මවන් ඉන්න මිනිස්සුන්ගෙන් බොහෝම පරිස්සම් වෙලා ඉන්න කියලා.

රඟපාන්න එහෙම මල්ෂිගේ අදහසක් නැද්ද..

ආරාධනා කිහිපයක්ම ලැබිලා තියෙනවා. නමුත්, නිරූපණ ශිල්පිණියක් විදිහට ඡායාරූපයකට පෙනී ඉන්නවා හා රංගන ශිල්පිණියක් විදිහට කැමරාවක් ඉදිරියේ පෙනී ඉන්නවා කියන්නේ දෙකක්. ලැබුණ ආරාධනා ගොඩක් ආදරබර චරිත. ඒ වගේ දර්ශනවලට මගේ කැමැත්තක් නැහැ. ඒ නිසා මම ඒ ලැබුණ ආරාධනා හැම එකක් වගේ මම ප්‍රතික්ෂේප කළා.

ඉදිරිය කොහොම වෙයිද..

මම දැනටත් මාත් එක්කම අරගලයක ඉන්නේ පරිගනක ඉංජිනේරුවරියක් විදිහට ඉදිරියට යනවද නිරූපණ ශිල්පිණියක් විදිහට ඉදිරියට ඉස්සරහට යනවද කියන තැන. දැනට ලොකුම බලාපොරොත්තුව තියෙන්නේ නිරූපණ ශිල්පිණියක් විදිහට සාර්ථක ගමනක් මේ ක්ෂේත්‍රය තුළ යන්න. දැනටත් මම නිරූපණය ගැන හදාරනවා සහා ක්ෂේත්‍රය ගැන අත්දැකිම් විශාල ප්‍රමාණයක් ලබාගෙන තියෙනවා. ඉතින් ලබන වසරේදි තවදුරටත් විධිමත්ව නිරූපනය හැදෑරීමට අදහස් කරමින් ඉන්නවා, මොකද බොහෝ දේ මේ ක්ෂේත්‍රය තුළ ඉගෙන ගන්න තියෙනවා. ඒ වගේම ලබන වසරේ මගේ විශ්වවිද්‍යාල අවසන් අදියරය තියෙනවා. ඉතින් අධ්‍යාපනය පැත්තන් හොඳින් නිම කරන්න හිතාගෙන ඉන්නවා මම. ඉදිරි බලාපොරොත්තු නම් ඔය දෙක සාර්ථක කරගන්න එක තමා.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *