වෙනම් චිත්රපටවල අවසානය වෙනම් ද ලාස්ට් ඩාන්ස්
‘වෙනමි’ චිත්රපට මාලාවේ තුන්වැනි චිත්රපටය වන ‘වෙනම් ද ලාස්ට් ඩාන්ස්^ සිනමාපටය මේ දිනවල සාර්ථක ලෙස ශ්රී ලංකාවට සමගාමීව ලොව පුරා සිනමාශාලා රැසක තිරගත වෙයි. ‘වෙනමි’ චිත්රපට මාලාවේ තුන්වැනි චිත්රපටය වන ‘වෙනම් ද ලාස්ට් චාන්ස්^ චිත්රපටය දැනට තිරගත වී සතියක් නිමාවිමෙන් පසුව ඇමරිකානු ඩොලර් මිලියන 445ක දැවැන්ත බොක්ස් ඔෆිස් ආදායමක් ලබා ගැනීමට සමත්ව තිබීම විශේෂත්වයකි.
‘වෙනම්’ පළමු චිත්රපටය ඇමරිකානු ඩොලර් මිලියන 856ක්ද, දෙවැනි චිත්රපටය ඇමරිකානු ඩොලර් මිලියන 506ක දැවැන්ත ආදායමක් උපයාගත් අතර, එය සාර්ථක ‘මාවල්’ චිත්රපට අතර, ප්රමුඛ තැනක්ද දිනාගැනීමට සමත් විය.
‘වෙනම් ද ලාස්ට් ඩාන්ස්’ චිත්රපටය අධ්යක්ෂකවරයා වන්නේ පළමු සහ දෙවන වෙනමි චිත්රපට ද්ව්ත්වයේ තිර පිටපත රචනා කළ කෙලී මාසල් විසින්. මේ ඔහුගේ පළමු චිත්රපට අධ්යක්ෂණය වීම සුවිශේෂීත්වයකි. සුපුරුදු පරිදි වෙනම් හෙවත් එඩී බෲක්ගේ චරිතය සඳහා පණපොවන්නේ හොලිවුඩයේ සුපිරි නළු ටොමි හාඩි විසිනි. ටොමි හාඩි ‘වෙනම්’ චරිතය නිරූපණය කිරීමත් සමඟ ඔහුගේ රංගන දිවිය දැවැන්ත පසුබෑමකට ලක් විය.
‘වෙනම් ද ලාස්ට් චාන්ස්’ ඇමරිකානු ඩොලර් මිලියන 125ක දැවැන්ත පිරිවැයක් දරමින් නිෂ්පාදනය කරන්නේ ‘කොලොමිබියා පික්චර්ස්’, ‘මාවල් එන්ටර්ටේන්මන්ට්’ ඇතුළු නිෂ්පාදන සමාගමි අටක එකතුවෙනි. ‘වෙනම් ද ලාස්ට් චාන්ස්’ චිත්රපටය වෙනමි චිත්රපට මාලාවේ අවසන් චිත්රපටය වන අතර මෙම චිත්රපටයෙන් අවසානයත් සමඟ හඳුන්වාදෙන ‘Knull’ නමැති කොමික් චරිතය ඇසුරින් චිත්රපට මාලාවක් නිෂ්පාදනය කරන්නට සෝනි සමාගම දැනටමත් තීරණය කර අවසන්ය.
මලින්ත විතානගේ