Uthmirror

කුසල් නවසීලන්ත තරගාවලියෙන් ඉවත් නොකිරිමට හේතුව මෙන්න

කුසල් නවසීලන්ත තරගාවලියෙන් ඉවත් නොකිරිමට හේතුව මෙන්න

තවත් දින කිහිපයකින් ආරම්භ වීමට නියමිත නවසීලන්ත – ශ්‍රී ලංකා එක්දින හා විස්සයි 20 සංචිතවලින් කුසල් මෙන්ඩිස් ඉවත් නොකිරීමට ශ්‍රී ලංකා තේරිම් කමිටුව මෙන්ම ශ්‍රී ලංකා ක්‍රිකට් බලධාරින් මේ වනවිට තිරණය කර ඇත. ඉනිම් තුන හතරකට පසුව හැමදාම වැඩ පෙන්වන කුසල් මෙන්ඩිස් මෙම සංචිතවලින් ඉවත් නොකිරීමට හේතු ගණනාවක් ඇති බව අපට දැන් සක්සුදක්සේ පැහැදිළිය.

නවසීලන්ත තරගාවලියට පසුව තිරණාත්මක දකුණු අප්‍රිකා තරග සංචාරයක් ඇරඹෙන්නට තිබෙද්දි ටෙස්ට් තරගවලදී යම් තරමකට හෝ දක්ෂතා දක්වන කුසල් වැන්නෙකු එම තරගාවලියට සුදානම් කරනවා වෙනුවට නවකයෙකුගේ අවස්ථාව අවහිර කරමින් ඔහුව එක්දින හා විස්සයි තරග සඳහාද කැඳවා තිබීම විහිළුවකි.

පෙනී යන එකම කාරණය නම් කුසල් මෙන්ඩිස් මෙම සංචිතවලින් ඉවත් කළහොත් ඔහු වෙනුවට එන නවක ක්‍රීඩකයා දක්ෂතා අතරට පැමිණියොත් කුසල්ට සිය ස්ථානය අහිමිවෙන ලකුණු ඇති බවට කල්තියාම පුහුණුකරු ජයසුරිය මෙන්ම තේරිම් කමිටුවද දන්නා නිසාවෙන් ඔහුව තව දුරටත් කණ්ඩායමේ තබාගන්නට කටයුතු කළ බව පෙනෙන්නට තිබේ.

ලකුණු තිහක් හෝ පණහක් ගහපු සැණින් වැඩකාරයෙක් බව පෙන්වන ශ්‍රී ලංකා ක්‍රිකට් බලධාරින් කාලයක සිට අලුත් ක්‍රීඩකයින්ගේ දක්ෂතා අගය නොකරන තත්ත්වයට පත්ව ඇත. එයට හොඳම උදාහරණය නම් කොදව්වන් සමග පැවති එක්දින තරගාවලියේදී ජයගත් මුල් තරග දෙකේදීම ලකුණු අතර සිටි නිශාන් මධුෂංක කාගේ හෝ උවමනාවකට තුන්වැනි එක්දින තරගයෙන් ඉවත් කළේ ඔහුගේ ක්‍රිකට් අනාගතයට යම් අඳුරු පැල්ලමක් එකතු කරමිනි.

එමෙන්ම ආසියානු නැගි එක ක්‍රීඩකයින්ගේ කුසලානයේදී අනුශුරතාවය දිනු කණ්ඩායමේ මෙන්ම හොංකොං සය සාමාජික ක්‍රිකට් තරගාවලියේ ශූරතාවය දිනු කණ්ඩායමේ සිටි ළහිරු සමරකෝන්, ළහිරු මධුෂංක, තරිදු රත්නායක, දුෂාන් හේමන්ත, සහන් ආරච්චිගේ හා සඳුන් විරක්කොඩි වැනි ක්‍රීඩකයින්ට මෙම තරගාවලියේදී සංචිතයකට හෝ නම් කරන්නට තරම් ක්‍රිකට් තේරිම් කමිටුවට උනන්ඳුවක් නොමැති වීමද කණගාටුවට කරුණකි.

සය සාමාජික හා විස්සයි 20 යනු ක්‍රීඩා රටාවාන් දෙකක් වුවද සය සාමාජික තරගාවලියේදී සඳුන් විරක්කෝඩි, ළහිරු මධුෂංකලා එල්ල කළ දැවැන්ත හයේ පහරවල් මිටර් 70, 80ට එපිටට පතිත ඒවා බව ඔය හයක් හතරක් නොතේරෙන තේරිම් කමිටුවට පැහැදිළි කරන්නට අප කැමතියි.

ක්‍රිකට් වෙනුවෙන් දැවැන්ත මෙහෙයක් ඉටු කළ සනත් ජයසුරියගේ මේ අත්තෝමතික තිරණ නිසා මේ වනවිට හැල්ලුවට ලක්ව ඇත. කවුරුත් පවසනාවක් මෙන් දැන් ජයසුරියගේ ප්‍රියතමයන් වී ඇත්තේ කුසල් මෙන්ඩිස් හා අවිශ්ක ප්‍රනාන්ඳු දෙදෙනාය. වසර ගණනාවක් මුළුල්ලේ සිට අත්දැකිම් ලබාදෙන්නට ක්‍රිකට් බලධාරින්, තේරිම් කමිටු නිලධාරින් මෙන්ම හැලි ලියන සමාජ මාධ්‍යය ඇඩ්මින්ලාද ඉදිරියේදී ලංකාවේ ක්‍රිකට් භාරගැනීමට සිටින තරුණ ක්‍රීඩකයින්ගේ අනාගතය ගැන වගකිව යුතු යන්න අපගේ අදහසය.

නොවැම්බර් නම වැනිදා ආරම්භ වන එක්දින හා විස්සයි 20 තරගාවලියට නවසීලන්තයෙන් නම් කර ඇත්තේද අත්දැකිම් අඩු ක්‍රීඩකයින් පිරිසක් නිසා මෙය නවකයින් හොඳින්ම අත්හදා බලන්නට හැකි එක්දින හා විස්සයි තරගාවලියක් බව පෙනේ. එහෙත්, අපට වඩා ක්‍රිකට් දැනුමක් ඇති ක්‍රිකට් බලධරයන් තවමත් තමන්ගේ අවශ්‍යතා මත ලංකාවේ ක්‍රිකට් හදමින් සිටින බව මෙම ගන්නා තිරණ අනුව හොඳින්ම අපට පැහැදිළි වී ඇත.  කෙසේ වෙතත්,  ක්‍රිකට් වලට ආදරය කරන සැමට මේ ගන්නා හැම තිරණයක් මතම ඇත්තේ විසදාගත නොහැකි ප්‍රශ්න වැලක් බව අපට කිව හැකිය.  

Leave a Reply

Your email address will not be published. Required fields are marked *