Uthmirror

දෙවැනි වතාවටත් හොංකොං සික්සර්ස් ශූරතාවය ශ්‍රී ලංකාවට

දෙවැනි වතාවටත් හොංකොං සික්සර්ස් ශූරතාවය ශ්‍රී ලංකාවට

ප්‍රබල පාකිස්තානු  සය සාමාජික ක්‍රිකට් කණ්ඩායම පරාජයට පත් කරමින් ශ්‍රී ලංකා සය සාමාජික ක්‍රිකට් කණ්ඩායම මෙවර හොංකොං සික්සර්ස් තරගාවලියේ ශූරතාවය දිනා ගන්නට සමත් විය. ඔවුන් මෙවර එම ශූරතාවයට හිමිකම් කියනු ලැබුවේ දෙවැනි වතාවටය. මීට පෙර මෙම ශූරතාවයට ශ්‍රී ලංකාව හිමිකම් කියනු ලැබුවේ 2007 වසරේදී වන අතර, ඒ සනත් ජයසුරිය ප්‍රමුඛ සුපිරි තරු කණ්ඩායම පරාජයට පත් කරමිනි.

කාසිය වාසිය දිනු ශ්‍රී ලංකා නායක ළහිරු මධුෂංක මුලින්ම පන්දුවට පහර දීමට පාකිස්තානු පිතිකරුවන්ට ඇරයුම් කළ අතර, ඔවුන් පන්දුවාර 5.2ක් අවසානයේ සියලු දෙනා දැවී ලකුණු 72ක් රැස් කිරීමට සමත් විය. පිළිතුරු ඉලක්කය පන්දුවාර පහකදී කඩුලු 3ක් දැවී රැස් කරන්නට ප්‍රබල ශ්‍රී ලංකා පිතිකරුවන් සමත් විය. ආරම්භක පිතිකරුවෙක් ලෙස තරගාවලිය පුරාම ලකුණු අතර, සිටි සඳුන් විරක්කොඩි අවසන් තරගයේදීද සිය වගකිම් ඉටු කරමින් ලකුණු 34ක් ලබාගනු ලැබිය. අවසන් තරගයේ විරයා ලෙස ධනංජය ලක්ෂාන්ද තරගාවලියේ විරයා සම්මානය තරිඳු රත්නායකද හිමි කරගනු ලැබීය.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *