Uthmirror

ප්‍රසංග සියයකට වඩා මම අද නිවේදනය කරලා තියෙනවා

ප්‍රසංග සියයකට වඩා මම අද නිවේදනය කරලා තියෙනවා

ප්‍රසංග වේදිකාව තුළ නිරන්තරයෙන්ම වෙනසක් ඇති කරන්නට උත්සාහගත් තරුණ නිවේදන ශිල්පියෙකු ලෙස තිලාන් ජෝර්ජ් හැදීන්වීය හැකිය. කණ්ඩායම් සංගීතය හරහා කලා ක්ෂේත්‍රයට පිවිසි ඔහු අද වන විට ලංකාවම දන්නා දක්ෂ නිවේදිකයෙකු බවට පත්ව හමාරය.

මතකද නිවේදකයෙක් විදිහට වැඩ කළ මුල් කාලය?

මම සංගීත ක්ෂේත්‍රයට ආවේ කණ්ඩායම් සංගීතය හරහා කිව්වොත් හරි. මුලින්ම මාව ඒ ක්ෂේත්‍රයට එන්න අතදුන්නේ මගේ හිතවතෙක්. ඒ ලකිත් ප්‍රනාන්ඳු. අපි සංගීත කණ්ඩායමක් හැදුවා මියන්සා කියලා. මගේ ගම නුවර. නුවර තමා මේ සංගීත කණ්ඩායම හැඳුවොත්. නමුත්, කාලයත් එක්ක සංගීත කණ්ඩායම විසිරිලා ගියා. පස්සේ ලකිත් එක්ක මම දිමුතු බණ්ඩාර කියලා කෙනෙකුත් සම්බන්ධ කරගෙන ත්‍රිෆිස් බැන්ඩ් එකක් හැඳුවා. ඊට පස්සේ ලංකාවේ අද වෙන කොට ජනප්‍රිය වෙලා තියෙන ගෙලිඔය බැක්ටූ බැක් සංගීත කණ්ඩායමෙත් කාලයක් නිවේදකයා විදිහට මම වැඩ කළා.

දැනට ප්‍රසංග කොපමණ ප්‍රමාණයක ඔබ නිවේදන කටයුතු කරලා තියෙනවාද?

සියයටකට වඩා වැඩි ප්‍රමාණයක් මම නිවේදන කටයුතු කරලා  තියෙනවා. මම ගමට පමණක් සීමා වුණ නිවේදකයෙක් නෙමෙයි ලංකාවේ හතරදිග් භාගයේම තියෙන ප්‍රසංගවලට නිවේදකයෙක් විදිහට සම්බන්ධ වෙලා තියෙනවා.

ප්‍රසංග සඳහා පමණක් සිමාවූ නිවේදකයෙක්ද ඔබ?

නැහැ. මම හැම අංශයක්ම ආවරණය වන විදිහට නිවේදන කටයුතු කරනවා. ක්‍රීඩා උත්සව, ආගමික උත්සව පවා ඒ අතර තියෙනවා. හැබැයි ගොඩ දෙනෙක් මාව දන්නේ එළිමහන් ප්‍රසංග නිවේදකයෙක් විදිහට.

නිවේදකයෙක් ලෙස අද ඔබ නමක් හදාගෙන තියෙනවාද?

ගොඩක් සතුටුයි. හැබැයි මටත් වඩා මම නිවේදකයෙක් වෙනවට සතුටු වෙලා හිටියේ මගේ තාත්තා. ඒත්, අද තාත්තා ජිවිතුන් අතර නැහැ. තාත්තා කැමතිම සංගීත කණ්ඩායමක් තමයි ඇරෝස්ටාර්. දවසක් තාත්තා කිව්වා ඇරොස්ටාර් එක්ක මම ප්‍රසංගයක් කරනවා බලන්න ආසයි කියලා. නමුත්, තාත්තාට ඒ දේ ඉටු කරගන්න බැරිවුණා. අදට මම ඇරෝස්ටාර් සංගීත කණ්ඩායම සමග ප්‍රසංග ගණනාවක් කරලා තියෙනවා. තාත්තා වගේම මාව අද මේ තැනට එන්න ගොඩක් උදව් කරපු කෙනෙක් තමා මගේ ගමේ සම්පත් තිලකසිරි කියන්නේ. ඔහු තමයි මුල් කාලයේ මට නුවර තියෙන හැම කානිවල් එකක්ම සම්බන්ධ කරලා දුන්නේ නිවේදන කටයුතු කරන්න.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *