හොර රහසේ පෙම්කළ සමන්තාගේ හිටපු සැමියාගේ දෙවැනි විවාහය
ජනප්‍රිය දකුණු ඉන්දීය සිනමා නිළි සමන්තා රූත් ප්‍රභූගේ හිටපු සැමියා වන තෙළිඟු සිනමා නළු, නාගා චෛතන්‍යා ඉන්දීය සිනමා නිළියක් වන සෝභිතා දුළිපාලා සමගින් තවත් නොබෝ දිනකින් විවාහ ගිවිස ගැනීමට නියමිතව ඇත. වාර්තා වන අන්දමට එය දෙසැම්බර් 04 වැනිදාය.
නාගාගේ ‘දෙවන විවාහය’ ගැන කතා පැතිරෙන්න පටන් ගත්තේ ගෙවුණු වසරේ සැප්තැම්බර් මාසයේදී. ඒත්, ඒ සියල්ලම නාගා මෙන්ම ඇයගේ වර්තමාන පෙම්වතිය වන සෝභිතා ප්‍රසිද්ධියේම ප්‍රතික්ෂේප කර තිබුණද, මීට මාස කිහිපයකට පෙර දෙදෙනාම එකට පෙනී සිටියේය. එමෙන්ම එතැන් සිට ඔවුන් පෙම්වතුන් ලෙසද බොහෝ දෙනා අතර ප්‍රසිද්ධද විය.
නාගා – සමන්තා රූත් ප්‍රභූ අතර දික්කසාදය සිදුවන්නේ 2021දි වන අතර, නාගා මෙන්ම සෝභිතාගේ ආදර කතාවද දළුළන්නේ ඒම කාලවකවානුවේදී බව මේ වනවිට නිල වශයෙන් වාර්තා වෙයි. නාගා යනු ධනවත් දකුණු ඉන්දීය සිනමා නළුවෙකු වූ නාගර්ජුන්ගේ වැඩිමහල් පුතා වෙයි.