Uthmirror

නවසීලන්තයෙන්, ඉන්දියාවට අමතක නොවන පාඩමක්

නවසීලන්තයෙන්, ඉන්දියාවට අමතක නොවන පාඩමක්

ඉන්දියාව සමඟ පැවැති දෙවන ටෙස්ට් ක්‍රිකට් තරගයෙන්ද ලකුණු 113කින් ජයගැනීමට සංචාරක නවසීලන්ත කණ්ඩායම සමත් විය. ඒ අනුව තරග තුනකින් සමන්විත දෙරට අතර, ටෙස්ට් තරගාවලිය මේ වනවිටත් තරගයක් ඉතිරිව තිබියදීම ජය ගන්නට නවසීලන්ත කණ්ඩායම සමත්ව ඇත. එය ඉතිහාසගත ටෙස්ට් තරග ජයග්‍රහණයක්ද වීම විශේෂත්වයකි.  

තරගයේ පළමු පන්දුවට පහර දුන් නවසීලන්ත කණ්ඩායම සියලු දෙනා දැවී රැස්කරගත් ලකුණු සංඛ්‍යාව 259ක්. ඊට පිළිතුරු ලෙස ඉන්දිය කණ්ඩායමට සිය පළමු ඉනිමේදී ලබාගැනීමට හැකි වූයේ ලකුණු 156ක් පමණයි. ඉන්දිය පළමු ඉනිමට වඩා ලකුණු 103ක් ඉදිරියෙන් සිට සිය දෙවන ඉනිම ආරම්භ කළ නවසීලන්ත කණ්ඩායම ලකුණු 255ක් රැස්කරගත්තා. ඒ අනුව ජයග්‍රහණය සඳහා ඉන්දියාවට ලකුණු 359ක ඉලක්කයක් හිමි වූ අතර, එම ඉලක්කය හඹා ගිය ඉන්දිය කණ්ඩායමට රැස්කරගැනීමට හැකි වූයේ ලකුණු 245ක් පමණයි.

ඉන්දියාව සිය රට තුළ ටෙස්ට් තරගාවලියක් පරාජයට පත් වූයේ වසර 12කට පසුව වීම විශේෂත්වයක් වන අතර, ඔවුන් අවසන් වරට ඉන්දියාවේදී පරාජය වූයේ ඔස්ට්‍රේලියානු කණ්ඩායම හමුවේය. දෙරට අතර පැවැත්වෙන තෙවන සහ අවසන් ටෙස්‌ට් ක්‍රිකට් තරගය මුම්බායි, වන්කඩේ ක්‍රිකට් ක්‍රීඩාංගණයේදීයි.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *