රංගනය වෘත්තියක් විදිහට කරන්න අදහසක් තියෙනවා
මේ දිනවල විකාශය වෙන “උන්මාදිනි” ටෙලි නාට්‍යයේ ඔබ දකින රශ්මික දිවාංජන කලා ක්ෂේත්රයට අලුත් කෙනෙකි. නුදුරේම තවත් ටෙලි නිර්මාණ කිහිපයක් ඔස්සේ ප්‍රේක්ෂක ඔබට දකින්නට හැකි දිවාංජන ගීත රූප රචනා හා රූපවාහිනි වෙළෙඳ දැන්වීම් රැසකටම දායක වූ රංගන ශිල්පියෙකුද වෙයි. මේ දිග හැරෙන්නේ ඔහු සමග අප කළ කතාබහයි.
ඔබ රංගනයට පිවිසෙන්නේ කොහොමද?
මේ දිනවල විකාශය වෙන “උන්මාදිනි” ටෙලි නාට්‍යයට එන්න කලින් මම ටෙලි නාට්‍යය කිහිපයකම පොඩි පොඩි චරිත කළා. හැබැයි ඒවා ලොකුවට ප්රේක්ෂයින් අතරේ මතක හිටිය ඒවා නෙවෙයි. “උන්මාදිනි” ටෙලි නාට්‍යය හරහා තමා මාව ප්‍රේක්ෂකයින් අඳුනගත්තේ. මේ අවස්ථව මට ලබාදුන්නේ සංගීත් කුරේරා අයියා. ඔහු තමයි මාව “උන්මාදිනි” ටෙලි නාට්‍යය අධ්‍යක්ෂණය කළ හසුන් සමීර අයියාව අඳුන්වලා දුන්නේ. ඔහුයි නිරෝෂි අක්කයි මාව තිර පරික්ෂණයකට යොමු කරලා “උන්මාදිනි” ටෙලි නාට්‍යයට එකතු කරගත්තා. මේ තුන් දෙනාටම මේ වෙලාවේදී ගොඩක් ස්තුතියි කියනවා මම.
“උන්මාදිනි” ටෙලි නාට්‍යයෙන් පස්සේ?
දැනට විකාශය වෙන ටෙලි නාට්‍යය කිහිපයකින්ම ඉදිරියේදී මාව දකින්න පුළුවන්. ඊට අමතරව මම කාලයක ඉඳලා වෙළෙඳ දැන්වීම් හා ගීත රූපරචනා වලට පෙනී ඉඳලා තියෙනවා. ගොඩක් අය මාව අඳුනගත්තේ ඒ නිර්මාණ හරහා කිව්වොත් හරි.
මොනවද ඒ කලා නිර්මාණ?
සිංගර්, මොබිටෙල්, රත්ති යෝගට්, හච්, රිස්ට්බරි චොකලට් ඇතුළුව වෙළෙඳ දැන්වීම් පහළොවකට වඩා වැඩි ප්‍රමාණයක මම දැනට පෙනී ඉඳලා තියෙනවා. ගීත රූප රචනා ගැන කිව්වොත් රාජිණි.. හීත හොරා.. හැරෙන්න බැනේ… මාව මතක් වෙනවද… කියන ගීත රූප රචනා ඇතුළු රූප රචනා දහයකට වඩා වැඩි ප්‍රමාණයක මම රංගනයෙන් දායක වෙලා තියෙනවා. මට අවස්ථාවක් ලැබුණා ඉන්දීය වෙළෙඳ දැන්වීමක පවා රඟපාන්න. ඒ අයත් එක්ක ඔන්ලයින් කතා කරලා වැඩේ ස්ථිර කරගත්තත් කුමක් හෝ හේතුවක් මත ඒ අවස්ථාව මට මඟහැරුණා. මම බොලිවුඩ් වලට ගොඩක් ආස කෙනෙක්. හිතුණා මේක ලොකු අවස්ථාවක් වෙයි කියලා මගේ කලා ජිවිතේට. කොහොම හරි ඒ අවස්ථාව මගෙන් ගිළිහුණා.
නළු හීනේ ඇතිවුණේ කොහොමද ඔබට?
තෙරේන කාලේ ඉඳලා. පොඩි කාලේ මම චිත්‍රපට නරඹන්න ගොඩක් ආසයි. ලංකාවේ ඒවාටත් වඩා හොලිවුඩ් බොලිවුඩ් චිත්‍රපට. ඉතින් ඒවා බලලා තමයි නළුවෙක් වෙන ආසාව ඇතිවුණේ. පොඩි කාලේ ඉතින් අම්මාගෙන් බැනුම් අහලා ඉවරයක් නැහැ චිත්‍රපට බලලා. මොකද, ස්කොලේ වැඩ ගෙදර වැඩ එහෙමත් අතපසු කරගෙන තමා චිත්‍රපට බැලුවේ මම. පාසල් කාලේ නම් මම රංගනය පැත්තට යොමු වුණේ නැහැ. හැබැයි විෂයක් විදිහට නර්තන කටයුතු කළා. නර්තනය පැත්තෙන් සමස්ථ ලංකා මට්ටමින් මම පාසලට ජයග්‍රහණ අරගෙන දීලා තියෙනවා. ඊට පස්සේ මම කොළඹ ආවා. රංගන ශිල්පී සංගීත් ප්‍රභු එක්ක නැවතිලා ඉන්නකොට කලා ක්ෂේත්රයේ ගොඩක් අයව අඳුනගන්න ලැබුණා. ඒ අය හරහා තමා රංගනයට අත්පොත් තැබුවේ මම. විශේෂයෙන්ම හා ආදරයෙන් මතක් කරන්න ඕනා සංගීත්ව. මොකද, සංගීත්ගේ උදව් නැත්නම් අද මම කලාවට සම්බන්ධ වෙන්නේ නැහැ. ඔහු තමයි මාව නළුවෙක් කළේ.
රංගනය කියන දේ ඔබගේ වෘත්තියද?
මම හිතන්නේ ලංකාව වගේ රටක රංගනය කියන දේ වෘත්තිය මට්ටමින් කරන්න අමාරු දෙයක්. හැබැයි මම කලාවට කැමති සහ ආදරය කරන කෙනෙක්. පූර්ණ කාලීනව කලාවත් එක්ක වැඩ කරන්න ආසාවක් තියෙනවා. බලමු ඉදිරියේදී දිගින් දිගටම රඟපාන්න ආරාධනා ලැබුණොත් මම මේක වෘත්තියක් කරගන්න අදහසක් තියෙනවා. හැබැයි දැනට මම මගේම කියලා ව්‍යාපාරයක් කරනවා Salon DIWZ නමින්.. මිගමුවේ තමා ඒක තියෙන්නේ. මා ඇතුළු කිහිප දෙනෙක් එහි වැඩ කරනවා දැනට. මේ වැඩේට අතදුන්නේ salon LIYO හි ධනුෂ්ක චතුරංග සර්. ඒ වගේම මූජි මිස්වත් මේ වෙලාවේදී මතක් කරන්න ඕනා.
ක්ෂේත්රය තුළ දිගටම රැඳෙන්නද අදහස?
ක්ෂේත්රය තුළ දිගටම රැඳෙන්න ආසයි. කලින් කිව්වා වගේ ලැබෙන අවස්ථා අනුව තමා ඒ තිරණය මගේ රැඳිලා තියෙන්නේ. හොඳ නිර්මාණ කිහිපයක් ලැබිලා ක්ෂේත්රය තුළ ස්ථාවර වෙන්න ලැබුණොත් මේක මම වෘත්තියක් විදිහට කරන්න අදහසකින් ඉන්නවා.
ආපු ගමන ගැන මොකද හිතෙන්නේ?
මේ ආපු කෙටි ගමන තුළත් මතක් කරන්න කිහිප දෙනෙක් ඉන්නවා මට. විශේෂයෙන්ම මගේ අම්මා, තාත්තා, මල්ලි හා නංගී. ඒ අය හැම වෙලාවේම මගේ පිටිපස්සේ ඉදලා මාව ධෛර්මත් කළා. තව අනුරාධ, තේජා, සූධිර, තාරුක, ශලින්ද, කස්තුරි, චන්දන, පුලස්ති, ප්‍රභාත්, ලක්මාල්, තරංග, කලන, කසුන්, ගාමිණි, ධනු මගේ ගමේ යාළුවෝ, පාසල් යාළුවෝ වගේම තරංග දිසානායක හා රවින්ද්‍ර විජේරත්න ගුරුවරුන්ව මතක් කර සිටිනවා.