Uthmirror

මෙවර කාන්තා විස්සයි 20 ලෝක කුසලානය නවසීලන්තයට

මෙවර කාන්තා විස්සයි 20 ලෝක කුසලානය නවසීලන්තයට

දකුණු අප්‍රිකානු කණ්ඩායම ලකුණු 32කින් පරාජය කළ ප්‍රබල නවසීලන්ත කණ්ඩායම මෙවර විස්සයි20 කාන්තා ලෝක කුසලාන ක්‍රිකට් තරගාවලියේ ශූරතාව දිනාගැනීමට සමත් විය. ඒ අනුව කාන්තා ක්‍රිකට් ඉතිහාසයේ නවසීලන්තය ජයග්‍රහණය කළ පළමු කාන්තා ලෝක කුසලානය ලෙස මෙය වාර්තා අතරට එක්විය.

කණ්ඩායම් 10ක සහභාගිත්වයෙන් සති කිහිපයක් පුරා එක්සත් අරාබි එමීර් රාජ්‍යයේ පැවති මෙම තරගාවලියේ අවසන් මහා තරගය පසුගිය ඔක්තෝම්බර් 20 වැනිදා ඩුබායිහිදී පැවැත්විණි. මෙහිදී මුලින්ම පන්දුවට පහර දෙමින් නවසීලන්ත පිතිකාරිණියන් විසින් ලකුණු 158ක් රැස් කළ අතර, පිළිතුරු ඉනිම දියත් කළ දකුණු අප්‍රිකානු පිතිකාරිණියන්ට රැස් කර ගත හැකිවූයේ පන්දුවාර 20 තුළදී කඩුලු 9ක් දැවී රැස්කළ හැකිවූයේ ලකුණු 126ක් ක් පමණි.

විස්සයි20 කාන්තා ලෝක කුසලාන ඉතිහාසයේ නවසීලන්තය අවසන් මහා තරගයක් ක්‍රීඩා කළ තෙවැනි අවස්ථාව මෙය වන අතර, ඔවුන් මීට පෙර 2009 හා 2010 වර්ෂයන්හි අවසන් මහා තරගය සඳහා ක්‍රීඩාකළද, එම දෙවතාවේදීම අනුශූරතාවෙන් ඔවුන්ට සැහිමට පත්වන්නට සිදුවිය.  

Leave a Reply

Your email address will not be published. Required fields are marked *