සධීර ඉඳිද්දි කුසල් මෙන්ඩිස්ව කණ්ඩායමට දැම්මේ ඇයි
මුල් තරග දෙකම ඇප නැතුව පැරදුණ ශ්‍රී ලංකා කණ්ඩායම මේ වනවිට තුන්වැනි ටෙස්ට් තරගය සඳහා ඕවල් ක්‍රීඩාංගණයේදී තරග කරමින් සිටියි. දෙවැනි තරගයට ක්‍රීඩා කළ ක්‍රීඩකයින් දෙදෙනෙකු තුන්වැනි තරගයට ක්‍රීඩා නොකරන අතර, පළමු තරගයේදී අසාර්ථක වූ කුසල් මෙන්ඩිස් අවසන් තරගයටද කණ්ඩායමේ ස්ථානයක් දිනාගැනීම කැපී පෙනුණි.
ප්‍රශ්නාර්ථයක් මතුවන්නේ කුසල් මෙන්ඩිස් නැත්නම් ලංකාවේ ක්‍රිකට් නැද්ද යන කාරණයයි. චන්දිමාල්ගේ ඇඟිල්ලේ ඇතිවූ ආබාධයක් හේතුවෙන් ඔහු කඩුලු රකින්නාගේ කාර්ය ඉටු නොකරන අතර, ඒ වෙනුවෙන් කුසල් මෙන්ඩිස් කැඳවීමට තරම් තේරිම් කමිටුව කාරුණික වී ඇත. හාස්‍යට කරුණ නම් කණ්ඩායමේ තවත් අතිරේක කඩුලු රකින්නෙකු මෙන්ම මැද පෙළ පිතිකරුවෙකු ලෙස සධීර සමරක්කොඩි සිටියදීම කුසල් මෙන්ඩිස් නැවතත් කණ්ඩායමට කැඳවීමය.
ලංකාවේ ක්‍රිකට් මේතරම් හැල්ලු කළ ක්‍රීඩකයෙක් මෙන්ම ඔහුටම හීලා වුණ ක්‍රිකට් තේරිම් කමිටුවක් හා ක්‍රිකට් මුළු ඇගේම තියෙනවා කියන පුහුණුකරුවෙකු සිටිමද මෙවැනි දේ සිදුවීම් ලැජ්ජා සහගතය. අහෝ ලංකාවේ ක්‍රිකට්. හැමදාමත් පැරදුණත් හැමදාමත් අසාර්ථක වුණත් ලංකාවේ ක්‍රිකට් ක්‍රීඩාව පවතින්නේ මෙන්ඩිස් කණ්ඩායම තුළ සිටිමෙන් බව මීන් මතුවට අප මතකයේ තබා ගැනීම වැදගත්ය.
2015 වසරේ සිට තරුණ ක්‍රීඩකයින් රැසකගේ අවස්ථාව විනාශ කළ කුසල් මෙන්ඩිස් අදටද අනාගතයේ ලංකාවේ ක්‍රිකට් කණ්ඩායමේ දොරටුව අසල සිටින බොහෝ තරුණ ක්‍රීඩකයින්ගේ අනාගතය විනාශ කරමින් සිටින බව පැහැදිළිව කිව යුතුවේ. පසුගිය දිනවල ජාතික කණ්ඩායමට ආ ජනිත් ලියනගේ, මිලාන් රත්නයක, කමිඳු මෙන්ඩිස් වැනි ක්‍රීඩකයින් මීට වසර ගණනාවකට පෙර කණ්ඩායමට පැමිණිය යුතු අය වෙයි. එසේ පැමිණියා නම් ඔවුන් මේ වනවිට කුසල් මෙන්ඩිස්ගේ දක්ෂතා අභිභවා සැහෙන්න දුරක් පැමිණ තිබෙන බව පැහැදිළිය. නමුත්, ලංකාවේ ක්‍රිකට් ගැන දන්න බොහෝ දෙනෙකු තවමත් කුසල් මෙන්ඩිස්ගේ දක්ෂතා ගැන උදම් අනිමින් සිටිම රෙදි නැතුව සිටිම හා සමානය.