මොන වෘත්තිය තෝර ගත්තත් මම කලාව අත්හරින්නේ නැ
කලා ක්ෂේත්රය තුළ මේ දිනවල දකින අලුත් මුහුණු අතරේ සුවිශේෂී තැනක් ඉමල්ක ජයසුන්දරට හිමි වෙයි. කෙටි කාලයක් තුළදි කලා නිර්මාණ කිහිපයකට දායක වෙන්න අවස්ථාව ලැබුණ ඉමල්ක සිය කලා ගමන ගැන අපට කිව්වේ මෙහෙමයි.
ඉමල්ක කියන්නේ අවුරුදු කුමාරයෙක්?
ඔව්, මේ වසරේ දෙරණ මාධ්‍ය ජාලය විසින් සංවිධානය කරපු අවුරුදු කුමරා තරගයේ මම අවසන් තරගකරුවන් 16 දෙනා අතරට ආවා.
කලා ක්ෂේත්රයට එන්න පාර හැදුනේ ඒ හරහාද?
ඔව්, මම පෙනී හිටිය ජායාරූප කිහිපයක් ප්‍රවීණ ටෙලි නාට්‍ය අධ්‍යක්ෂකවරයෙක් වුණ රවින්ද්‍ර විජේරත්න මහත්මයා දැකලා මට කතා කලා හිරු රූපවාහිනී නාලිකාවේ විකාශය වෙන ඔහුගේ “හිච්චි” කියන ටෙලි නාට්‍යයට එකතු වෙන්න කියලා. දැනට එම නාට්‍යයේ රූපගත කිරිම් කටයුතු සියල්ල නිමා වෙලා තියෙනවා. මේ අවස්ථාවේදි විශේෂයෙන්ම මතක් කරන්න ඕනා අධ්‍යක්ෂක රවින්ද්‍ර විජේරත්න හා නිෂ්පාදක තරංග දිසානායක මහත්වරුන්ව. මොකද, කලා ක්ෂේත්රය තුළ රංගන ශිල්පියෙක් විදිහට මුල් අඩිතාලම දාන්න උදව් කළේ ඔවුන්.
ඔබ දැනට දායක වෙලා තියෙන්නේ “හිච්චි” ටෙලි නාට්‍යයට විතරද?
නැහැ, “හිච්චි” ටෙලි නාට්‍යයට අමතරව ඉදිරියේදි සියත රූපවාහිනී නාලිකාවේ හරහා මා රඟපැ තවත් ටෙලි නාට්‍යයක් විකාශය වෙන්න තියෙනවා. ඒවගේම තව ටෙලි නාට්‍යයක් සදහා සම්බන්ධ වෙන්න දැනටමත් අවස්ථාව මට ලැබිලා තියෙනවා.
රංගන ශිල්පියෙක් වෙන හීනේ ඇති වුණේ?
තේරෙන කාලේදීම තමා. පාසල් යන කාලේ ඉඳලා ටෙලි නාට්‍යය වගේම චිත්‍රපට බලන පිස්සුවක් තිබුණා මට. එන හැම අලුත් චිත්‍රපටයක් මම ඒ කාලේ බැලුවා. ඒ කාලේ මට හිතුනා කවදාහරි නළුවෙක් වෙනවා කියලා.
ඒ කියන්නේ දැන් ඔබේ රැකියාව රඟපාන ඒකද?
නැහැ, බැංකු කළමනාකරුවෙක් සේවය කරන්න තමයි මම බලාපොරොත්තු වෙන් ඉන්නේ. ඒ වෙනුවෙන් මේ දිනවල මම වැඩිදුර අධ්‍යාපන කටයුතු වල නිරත වෙමින් ඉන්නවා. හැබැයි මොන රැකියාවක මම නිරත වුණත් කලාව නම් අත්හරින්න සුදානමක් මගේ නැහැ.
ඔබ රංගන ශිල්පියෙක් පමණද?
නැහැ. මට ගීත ගායනයත් පුළුවන්. ඒ පැත්තට යොමු වෙන්න ආසාවෙන් ඉන්නවා. ඉදිරියේදි ජනප්‍රිය ගායන ශිල්පිනියක් එක්ක කවර් සෝන්ග් එකක් කරන්න මම සැළසුම් කරලා තියෙනවා.
රංගන ශිල්පියෙක් විදිහට ලැබෙන ප්‍රතිචාර මොන වගේද?
හොඳ ඉහළ ප්‍රතිචාර ලැබෙනවා. විශේෂයෙන්ම ගැහැණු ළමයින්ගෙන්. ඔය අතරේ ආදර යෝජනා එහෙමත් එනවා මට. ඒත්, ආදරය ගැන හිතන්න පුළුවන් වයසක නෙමෙයි මම ඉන්නේ. මට තාම අවුරුදු 19යි.
පවුලේ අය ඔබ කලාවට සම්බන්ධ උනාට කැමතිද?
ඔව්. ඒ අය තමයි මගේ මුල්ම රසිකයෝ. පොඩි කාලේ ඉඳලාම මගේ පවුලේ අය දන්නවා මගේ නළු පිස්සුව. ඒ අය හැමදාම මගේ හයියට හිටියා. මාව දිරිමත් කළා. විශේෂයෙන්ම මගේ අප්පච්චි, අම්මා දෙන්නා. තව මට අයියා කෙනෙකුයි මල්ලි කෙනෙකුයි ඉන්නවා. ඒ වගේම මා අධ්‍යාපනය ලැබු නික/ශ්‍රී පරාක්‍රම ජාතික පාසලත් මතක් කරන්න ඕනා. මොකද, මේ ආපු ගමනට පාසලේනුත් මට ලොකු පිටුවහලක් ලැබුණා.