Uthmirror

කුළුඳුලේ සිනමාවට නැගුව සසිගේ සිහින සමිකරණ

කුළුඳුලේ සිනමාවට නැගුව සසිගේ සිහින සමිකරණ

සසික හේරත් විසින් කුළුඳුලේ අධ්‍යක්ෂණය කළ ‘සිහින සමීකරණ’ චිත්‍රපටය මේ දිනවල බෙහෙවින් කතාබහට ලක්ව ඇති සිහංල චිත්‍රපටයකි. දර්ද්‍රතාවයෙන් හෙම්බත් වී සිටින ‘නිසල්’ නමැති ගමිබද තරුණයකුගේ ජීවිතය ⁣කොළඹට සංක්‍රමණය වීමත් සමඟ සිදුවන සිද්ධි දාමයක් වටා ‘සිහින සමීකරණ’ චිත්‍රපටයේ කතාව ගේති ඇත. ‘සිහින සමීකරණ’ චිත්‍රපටයේ සජිත් අනුත්තර, රන්දික ගුණතිලක, අශාන් ඩයස්, රෙබෙකා දිල්රුක්ෂි, පූජන දන්දෙනිය, වසන්ත විටිටචිචි, නයනා හෙටිටිආරචිචි ඇතුළු විශිෂ්ට රංගන ශිල්පින් පිරිසක් සියට දායකත්වය ලබාදි ඇත.


චිත්‍රපටය නිෂ්පාදනය කරන්නේ මහාචාර්ය චරිත් ජයතිලක සහ ධමිමික ගීකියනගේ දෙපළ විසිනි. කැමරාකරණය චන්දන ජයසිංහ විසින් සිදු කර ඇති අතර සංස්කරණය ප්‍රවීණ සංස්කරණ ශිල්පි අජිත් රාමනායක විසින් සිදු කරලා තියෙනවා. චිත්‍රපටයේ සහය අධ්‍යක්ෂකවරයා ලෙස ප්‍රවීණ ටෙලිනාට්‍ය අධ්‍යක්ෂ ඉන්දික ධර්මතිලක විසින් සිදු කර ඇති අතර පසුබිමි සංගීතය චින්තක ජයකොඩි විසින් නිර්මාණය කර ඇත.


එමෙන්ම චිත්‍රපටයේ පසුබිම් ගීත ගායනයෙන් නෙල්කා තිළිණි සහ සුජිව ජාගොඩ දායක වී ඇති අතර, ඔවුන් ගායන ශිල්පින් ලෙස සිංහල සිනමාවට හඳුන්වා දෙන්නේද ‘සිහින සමීකරණ’ චිත්‍රපටය හරහා විම විශේසත්වයකි. මෙහි ඇතුලත් ගීත රචනා කොට ඇත්තේ උපුල් ශාන්ත සන්නස්ගල විසිනි. අධ්‍යක්ෂකවරයා පවසන අන්දමට ‘සිහින සමීකරණ’ චිත්‍රපටය පවුලේ සැමට එකසේ හිඳ නැරඹිය හැකි වැදගත් පණිවිඩයක් සමාජගත කරන චිත්‍රපටක් බවය. විශේෂයෙන් තාරුණ්‍යට ඉතාමත් වටිනා චිත්‍රපටයක් ලෙස ‘සිහින සමීකරණ’ චිත්‍රපටය හඳුන්වන්ට පුළුවන් බවද ඔහු වැඩිදුරටත් සිය අදහස් අතර සඳහන් කොට තිබුණි.
මලින්ත විතානගේ

Leave a Reply

Your email address will not be published. Required fields are marked *