අවාසනාවන්ත දකුණු අප්‍රිකාව පරදා ඉන්දියාව ලෝක ශූරයින් වෙයි
ඇමෙරිකාව හා කොදෙව් දුපත් කේන්ද්‍ර කොට ගෙන පැවති පන්දුවාර විස්සයි 20 ලෝක කුසලාන තරගාවලියේ ශූරයින් වීමට ප්‍රබල ඉන්දීය කණ්ඩායම සමත් විය. ඒ අපරාජිතව ලෝක කුසලානය අවසන් මහා තරගයට සුදුසුකම් ලැබු ප්‍රබල දකුණු අප්‍රිකානු කණ්ඩායම පරාජයට පත් කරමිනි.
2007 වසරේ දකුණු අප්‍රිකාවේ පැවැති පළමු පන්දුවාර විස්සයි 20 ලෝක කුසලාන තරගාවලියේ ශූරතාවයට හිමිකම් කී ඉන්දියාව නැවත වරක් පන්දුවාර විස්සයි 20 ලෝක ශූරතාවයට හිමිකම් කීමට සමත් වුයේ මෙවර තරගාවලියේදී වීම විශේෂත්වයකි.
තරගාවලිය පුරා අසාර්ථක වූ ඉන්දීය සුපිරි පිතිකරු විරාත් කෝලි අවසන් මහා තරගයේදී අගනා ලකුණු 77ක් ලබමින් ඉන්දීය කණ්ඩායමේ ජය තහවුරු කරන්නට වැඩි දායකත්වයක් ලබාදුන්නේය. එමෙන්ම විරාත් කෝලි ක්‍රීඩා කළ අවසන් ලෝක කුසලාන විස්සයි තරගය මෙන්ම අවසන් ජාත්‍යන්තර විස්සයි 20 තරගයද මෙය වීම කැපී පෙනෙන්නකි.
කොදෙව් දූපත් සමූහයට අයත් බාබඩොස්හි බ්‍රිජ්ටවුන්හිදී පැවැති අවසන් මහා තරගයේ ඉන්දීය කණ්ඩායමෙන් හිමි වූ ලකුණු ලකුණු 177කට පිළිතුරු ලෙස දකුණු අප්‍රිකාවට පන්දුවාර 20 තුළදී කඩුලු 08ක් දැවී රැස්කිරීමට හැකිවූයේ ලකුණු 169ක් පමණි. කෙසේ වෙතත්, පිළිතුරු ඉලක්කය හඹා යද්දි දකුණු අප්‍රිකානු බලාපොරොත්තු ඔසවා තැබූ හෙන්රිච් ක්ලාසන් ප්‍රහාරාත්මක ලකුණු 52ක් රැස්කිරීමට සමත් වුණා.
ඔහු පිටියේ රැඳි සිටින අවස්ථාවේ දකුණු අප්‍රිකාවේ ජය පෙනෙන මානයේ පැවතියද ඔහුගේ දැවියාමත් සමග නැවතත් ඉන්දිය කණ්ඩායම දෙස ජයග්‍රහණය දෝලනය විය. පන්දු 27කිනි ගොඩනැගුණු ක්ලාසන්ගේ ඉනිමට හයේ පහර 05ක් හා හතරේ පහර 02ක් ඇතුළත් වූ අතර, ඔහුගේ ඉනිම ක්‍රියාත්මක වද්දී ඉන්දීය පන්දු යවන්න්නට මෙන්ම ක්‍රීඩාංගණය වඩා රැස්ව සිටි ඉන්දීය ක්‍රීඩාලෝලීන්ට හිසේ අත තබාගෙන ඉන්නවා හැරෙන්න වෙන කිසිවක් කිරීමටද නොහැකි විය.