කොල්ලන්ට බැරි ක්‍රිකට් කෙල්ලෝ ගහලා දිනන හැටි
සංචාරක බටහිර ඉන්දීය කොදෙව් කාන්තා කණ්ඩායම සහ ශ්‍රී ලංකා කාන්තා කණ්ඩායම අතර පැවති තුන්වන සහ අවසන් එක්දින ක්‍රිකට් තරගය ඉතා විශිෂ්ට ලෙස ජය ගැනීමට ශ්‍රී ලංකා කාන්තා කණ්ඩායම පසුගියදා සමත් විය. මෙම ජයත් සමග පළමු වතාවට කොදෙව් කාන්තා ක්‍රිකට් කණ්ඩායම මෙරටදී එක්දින තරග තුනකින් සමන්විත තරගාවලියක් පරාජයට පත්වීම කැපී පෙනෙන සිදුවිමක් විය.
දෙරට අතර, පළමු තරගයෙන් ශ්‍රී ලංකාව කඩුළු 06කින් ජයගත් අතර, දෙවැනි තරගය කඩුලු 5කින් ජයගන්නටද සමත් විය. මුලින් පන්දුවට පහරදෙමින් ශ්‍රී ලංකා කණ්ඩායම තුන්වැනි තරගය ලකුණු 160කින් කොදෙව් ක්‍රීඩිකාවන්ට දැවැන්ත පරාජයක් උරුම කර දෙන්නට ශ්‍රී ලංකා ක්‍රීඩිකාවන්ට සමත් විය.
මෙම තරගාවලි ජයත් සමගින් ශ්‍රී ලංකා කණ්ඩායම ලෝක කාන්තා එක්දින ක්‍රිකට් ශ්‍රේණිගත කිරිම් හි සිවුවැනි ස්ථානය දක්වා ඉදිරියට පැමිණිමටද සමත් වීම සුවිශේෂි සිදුවිමක්ද වෙයි. මෙම එක්දින තරගාවලියේදී ශ්‍රී ලංකාව වෙනුවෙන් පන්දුවෙන් කවිෂා දිල්හාරි, සචිනි නිසංසලාද, පිත්තෙන් විශ්මි ගුණරත්න හා නිලක්ෂිකා සිල්වාද කැපි පෙනුණි. එමෙන්ම නායක චමරි අතපත්තු මෙම තරගාවලියේදී පිත්තෙන් මෙන්ම පන්දුවෙන්ද දක්ෂතා පෙන්වීමට සමත් විය.