Uthmirror

කොල්ලෝ තුන් දෙනෙක් එක්ක යාළුවෙන නම ගිය මැරයෙක්

කොල්ලෝ තුන් දෙනෙක් එක්ක යාළුවෙන නම ගිය මැරයෙක්

මලයාලම් සිනමාවට කැමැත්තක් දක්වන රසික ඔබ වෙනුවෙන් මෙවර අප ගෙන එන්නේ මේ දිනවල අති සාර්ථකව තිරගත වෙන අලුත්ම මලයාලම් චිත්‍රපටයක තොරතුරුය. චිත්‍රපටය නම අවශේෂම්. චිත්‍රපටය අධ්‍යක්ෂණය කරලා තියෙන්නේ ජනප්‍රිය මලයාලම් චිත්‍රපට අධ්‍යක්ෂවරයෙකු වන ජිතු මාධවන්. ඔහුගේම කතාවකට අනුව තමයි මේ චිත්‍රපටය නිර්මාණය වෙලා තියෙන්නේ.


චිත්‍රපටයේ ප්‍රධාන චරිතය නිරූපණය කරන්නේ ඔබ අප කවුරුත් ආදරය කරන දකුණු ඉන්දීය සුපිරි සිනමා තරුවක් වූ ෆහාද් ෆාසිල් විසින්. කමල් හසන්ගේ වික්‍රම්, අල්ලු අර්ජුන්ගේ පුෂ්පා චිත්‍රපට නැරඹුවා නම් ෆහාද් ගැන ඔබට අමුතුවෙන් මතක් කර දෙන්නට අවශ්‍යය නැහැ. ෆහාද් මෙහි මැර චරිතයක් තමයි නිරූපණය කරන්නේ. ඔහුට අමතරව මිථුන් ජායි ශංකර්, සජුන් ගෝෆි, රෝෂාන් ෂානිවාස්, මන්සුර් අලී ඛාන් ඇතුළු ජනප්‍රිය හා නවක නළු නිළියන් පිරිස මෙහි රංගනයෙන් දායක වෙනවා.


චිත්‍රපටය නිර්මාණය වෙලා තියෙන්නේ ක්‍රියාදාම ලේබලය යටතේ. පසුගිය අප්‍රේල් 11 වැනිදා මෙය ප්‍රදර්ශණය ආරම්භ කළ අතර, දැනට මෙම අවශේෂම් චිත්‍රපටය උපයාගෙන ඇති මුදල ඉන්දීය රුපියල් කෝටි 115කටත් වඩා වැඩි මුදලක්. හැබැයි චිත්‍රපටය නිර්මාණය කිරීම සඳහා වැය කරලා තියෙන්නේ ඉන්දිය රුපියල් කෝටි 20කටත් වඩා අඩුමුදලක්. චිත්‍රපටයේ නිෂ්පාදන බරපැණ දරා ඇත්තේ ෆහාද්ගේ බිරිඳ සිනමා නිළි නස්රියා නසිම් විසින්.


මෙම චිත්‍රපටය මුළුමණින්ම රුපගත කර ඇත්තේ බැංග්ලෝර් ප්‍රදේශයේ. පසුගිය වසරේ ඔක්තෝම්බර් මාසයේදී මෙහි රූපගත කිරිම් කටයුතු ආරම්භ කළ අතර, නොවැම්බර් පළමු සතියේදිම මෙහි සියලු දර්ශන රූපගත කොට අවසන් කළ බවට තොරතුරු වාර්තා වෙනවා. මේ වසරේ තිරගත වූ මලයාලම් චිත්‍රපට අතරින් ඉහළ ආදායමක් උපයාගත් සිවුවැනි මලායලම් චිත්‍රපටය වන්නෙත් මේ ජිතුගේ අවශ්‍යයම් චිත්‍රපටය. බොහෝ දෙනෙක් කියන්නේ අවශ්‍යයම් ඉන්දීය රුපියල් කෝටි 150කට එහා ආදායමක් පහසුවෙන් උපයාගන්නා බවය.
මලින්ත විතානගේ

Leave a Reply

Your email address will not be published. Required fields are marked *