Uthmirror

කලා ක්ෂේත්‍රයට ඇවිල්ලා දැන් මම අවුරුදු හයක් විතර වෙනවා

කලා ක්ෂේත්‍රයට ඇවිල්ලා දැන් මම අවුරුදු හයක් විතර වෙනවා

ජනප්‍රිය ටෙලි නාට්‍යය කිහිපයකම සහය අධ්‍යක්ෂවරයෙක් ලෙස කටයුතු කළ සමීර ජනහිතගම වෙනුවෙන් මෙවවර අප මෙසේ ඉඩක් වෙන් කළා. වසර ගණනාවක් මුළුල්ලේ කලා ක්ෂේත්‍රය තුළ සහය අධ්‍යක්ෂවරයෙකුගේ භූමිකාවට පණ පොවන සමිරගේ කතාවයි මේ දිග හැරෙන්නේ.


සහය අධ්‍යක්ෂවරයෙක් වුණේ කොහොමද ඔබ?
සහය අධ්‍යක්ෂවරයෙක් විදිහට දැන් වැඩ කරන්න අරගෙන මම දැනට අවුරුදු හයක් විතර වෙනවා. මුලින්ම මම සුරේශ් කුමාරසිංහ මහතාගේ “හතරවරම් ” සිනමාපටයේ තමයි සහය අධ්‍යක්ෂවරයෙක් විදිහට මුලින්ම වැඩ කළේ.


ඔබ සම්බන්ධ වුණ නිර්මාණ මොනවද?
හර්ෂ උඩකන්ද මහතාගේ ලොක්කිගෙ කතාව, දියනි, ගමට ඇවිල්ලා, විශ්ව ලංකා මහතාගේ අපි එක රෑනේ. සඳුන් රාජකරුණා මහතාගේ නිල පබලු, ජී නන්දසේන මහතාගේ බේකරි ගෙදර මම වැඩ කරපු නිර්මාණ අතරින් කිහිපයක්.


ඇයි මේ වෘත්තිය ඔබ තෝරගත්තේ?
පොඩි කාළේ ඉඳන්ම මට ලොකු හීනයක් තිබ්බා කලා ක්ෂේත්‍රයට ‍පිවිසෙන්න. මේ ක්ෂේත්‍රයට මාව සම්බන්ධ කළේ රංගන ශිල්පී ලක්ෂ්මන් අමරසේකර මහතා. දැනට සහය අධ්‍යක්ෂවරයෙක් විදිහටත් ඉදිරියේදී අධ්‍යක්ෂකවරයෙක් මෙන්ම රංගන ශිල්පියෙක් විදිහටත් වැඩ කරන්න මම සුදානමින් ඉන්නවා. දැනටමත් රංගන ශිල්පියෙක් විදිහට මම නිර්මාණ කිහිපයක වැඩ කරමින් ඉන්නවා.


අධ්‍යක්ෂවරයෙක් වෙන හීනයක් නැද්ද?
ලොකුම හීනේ තමා මගේම අධ්‍යක්ෂණයකින් නිර්මාණයක් එළිදැක්වීම. දැනට ඒ සඳහා සැළසුම් යොදාගෙන යනවා. නුදුරේම මම හිතනවා ඒ දේ මගේ ආදරණිය රසික, රසිකාවියන්ට තිළිණ කරන්න ලැබේවි කියලා.


ඔබ දායක වුණ නිර්මාණ අතරේ ඔබේ සිත්ගත්ම නිර්මාණ තියෙනවාද?
මම දායක වුණ කලා නිර්මාණ අතරින් සඳුන් රාජකරුණා මහතා අධ්‍යක්ෂණය කරන සිංහ එන්ටර්ටේන්මන්ට් නිෂ්පාදනය කරන නීල පබළු ටෙලිනාට්‍ය සහ ජී නන්දසේන මහතා අධ්‍යක්ෂණය කරන කුෂාන් ටෙලි ෆිල්ම්ස් නිෂ්පාදනය කරන බේකරි ගෙදර මගේ වඩාත් සිත්ගත් නිර්මාණ අතර වෙනවා.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *