Uthmirror

තුන්වැනි වතාවටත් අයි.පී.එල් ශූරතාවය ෂාරුක්ගේ කණ්ඩායමට

තුන්වැනි වතාවටත් අයි.පී.එල් ශූරතාවය ෂාරුක්ගේ කණ්ඩායමට

සන්රයිසස් හයිද්‍රබාද් කණ්ඩායම කඩුලු 08කින් පරාජය කර 16 වැනි ඉන්දීය ප්‍රිමියර් ලීග් (IPL) ක්‍රිකට් තරගාවලියේ ශූරයන් ලෙසින් කිරුළු පැළදීමට ශ්‍රියාස් අයියර්ගේ නායකත්වයෙන් යුත් කොල්කටා නයිට් රයිඩර්ස් කණ්ඩායම සමත් විය. අයි.පී.එල්. ඉතිහාසයේ කොල්කටා නයිට් රටිඩර්ස් කණ්ඩායටම ශූරයින් ලෙස කිරුළු පැළදී තෙවැනි අවස්ථාව වීම විශේෂත්වයකි.

මීට පෙර ඔවුන් 2012 හා 2014 වර්ෂයන්හි ශූරතාව දිනා ගැනීමට සමත්ව තිබුණි. චෙන්නායිහිදී පැවැති මෙම තරගයේ පළමුව පන්දුවට පහරදී හයිද්‍රබාද් කණ්ඩායම සියලු දෙනා දැවි ලකුණු 114ක් රැස් කරන්නට සමත් වූ අතර, එය අයි.පි.එල් තරගාවලි ඉතිහාසයේ අවසන් තරගයකනදී කණ්ඩායමක් රැස්කළ අඩුම ලකුණු සංඛ්‍යාවද වීම කැපී පෙනෙන්නකි.

ලබාදුන් ලකුණු 114ක පහසු ඉලක්කය කඩුලු 02ක් පමණක් දැවී තිබියදී තරගයේ 10.3වැනි පන්දුවාරයේදී පසුකර යාමට කොල්කටා පිතිකරුවෝ සමත් වූ අතර, රහ්මනුල්ලා ගුරුබාස් වෙන්කටේෂ් අයියර් පන්දු 45කින් ලකුණු 91ක සබඳතාවක් පවත්වා අයි.පී.එල්. කිරුළු සිය කණ්ඩායම වෙත රැගෙන ඒමට දායකත්වය සපයනු ලැබීය. වෙන්කටේෂ් අයියර් පන්දු 26කින් ලකුණු 52ක් නොදැවී රැස් කළ අතර, ගුර්බාස් දැවී යනවිට ලකුණු 39ක් ඔහු රැස් කරගෙන තිබුණි. අවසන් තරගයේ වීරයා ලෙස කොල්කොටා නයිට් රටිඩර්ස් කණ්ඩායමේ මිචෙල් ස්ට්‍රාක් සම්මානයට පාත්‍ර වූ අතර, තරගාවලියේ වටිනාම ක්‍රීඩකයා ලෙස එම කණ්ඩායමේ සුනිල් නාරයින් සම්මාන ලැබීය.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *