ගාඩි චිත්‍රපටයේ රඟපෑ ඩිනාරා ෆෝබ්ස් ලැයිස්තු අතරට
ෆෝබ්ස් සඟරාව විසින් 2024 වසරට සාපේක්ෂව ප්‍රකාශට පත් කළ “30 අන්ඩර් 30 ඒෂියා” ලැයිස්තුවට ශ්‍රී ලාංකික රංගන ශිල්පිනියක සහ චිත්‍රපට නිෂ්පාදිකාවක වන ඩිනාරා පුංචිහේවා ඇතුළත් කොට ඇත. ඩිනාරා පසුගිය කාලයේ ලාංකීය ප්රේක්ෂයින් අතර වඩාත් ජනප්‍රියත්වයට පත් වූයේ ගාඩි චිත්‍රපටය හරහාය.
විනෝදාස්වාදය හා ක්‍රීඩා අංශයට විවිධ ක්ෂේත්‍ර හරහා තරුණ නායකයින් ලෙස හඳුනාගත් 300 දෙනෙකු අතරින් මෙම ලැයිස්තුවේ 30 වැනි ස්ථානයට ඩිනාරා තේරිපත්ව තිබීම විශේෂත්වයකි. කාණ්ඩ 10ක් යටතේ එම ලයිස්තුවට පුද්ගලයන් තෝරාගෙන ඇති අතර රසවින්දන සහ ක්‍රීඩා අංශයෙන් ඩිනාරා මෙම ලැයිස්තුවට නම් කර තිබේ.
ඇයගේම චිත්‍රපටයක් වන “මාලා” චිත්‍රපටය හරහා 2018 වසරේ චිත්‍රපට ක්ෂේත්රයට පිවිසෙන ඇය එම චිත්‍රපටය ජාත්‍යන්තර සිනමා උළෙලකදි ප්‍රදර්ශනය වීමත් සමග පසුගිය දිනවල ප්‍රදර්ශනය වූ ගාඩි චිත්‍රපටයට සඳහා එක්වීමට අවස්ථාව හිමි කර ගෙන තිබුණ බව සඳහන් වෙයි.
ඩිනාරා ලන්ඩනයේ ක්වීන් මේරි විශ්ව විද්‍යාලයේ උපාධිධාරිනියක වන අතර අඩු ආදායම්ලාභී පවුල්වල දරුවන්ට රංග කලාව සහ රංගනය හඳුන්වාදීම සඳහා කැපවූ ලාබ නොලබන ආයතනයක් නිර්මාතෘවරියක්ද වෙයි. එමෙන්ම ඇය මේ වනවිට එක්දරු මවක්ද වීම විශේෂත්වයකි.