ගින්ස් වාර්තා තැබු හොලිවුඩ් චිත්‍රපටයක් ‘ද ෆේල් ගයි’
‘ද ෆේල් ගයි’ කියන්නේ පසුගිය මැයි 03 වැනිදා සිට හොලිවුඩයට සමගාමිව ලොව පුරා සිනමාශාලා පනස්දහසක පමණ තිරගත වීම ඇරඹුණු අලුත්ම හොලිවුඩ් චිත්‍රපටයකි. ක්‍රියාදාම හා හාස්‍යමය ලේබලයට අයත් වන ‘ද ෆේල් ගයි’ චිත්‍රපටය අධ්‍යක්ෂණය කරන්නේ හොලිවුඩයේ සුප්‍රකට ක්‍රියාදාම පන්නයේ චිත්‍රපට ගණනාවක් අධ්‍යක්ෂණය කරපු ඩේවිඩ් ලීචි විසින්.
‘ද ෆේල් ගයි’ චිත්‍රපටය විශේෂ ගණයේ චිත්‍රපටයක් වෙන්න හේතු කිහිපයක් ඇත. ඉන් ප්‍රධාන එක වන්නේ ‘ද ෆේල් ගයි’ චිත්‍රපටයේ රූගත කිරීමකදි වාහනයක් පොළව මත වැඩිම වාර ගණනාවක් පෙරළීමකට ලක් වුණ චිත්‍රපට දර්ශනය ඇතුලත් වන්නේ මෙම චිත්‍රපටය තුළ වීමය. ඒකට රූගත කිරීම අතරතුර අටවතාවක් නොනවත්වා එක දිගට මෙම වාහනය පෙරළි ඇත. එය සිනමා ඉතිහාසයේ වාර්තාවක් මෙන්ම ගිනස් ලෝක වාර්තාවක් විදියට මේ වනවිට නම් කර ඇත. චිත්‍රපටයේ දහසකට අධික කාර්යමණ්ඩලයක් විසින් මෙම දර්ශනය රූගත කරන්න දායක වී ඇති බවටද තොරතුරු පළ වෙයි.
‘ද ෆේල් ගයි’ චිත්‍රපටයේ කතාව දිගහැරෙන්නේ 1980 දශකයේ හොලිවුඩයේ සිටින කෝල්ට් සීවර්ස් කියන ස්ටන්ට් ක්‍රියාදාම නළුවා වටාය. ස්ටන්ට් නළුවෝ කියන්නේ චිත්‍රපටයක ප්‍රධාන නළුවා වෙනුවට ඔහුගේ ක්‍රියාදාම දර්ශන වෙනුවෙන් පෙනී සිටින ශිල්පීන්. චිත්‍රපටයේ ප්‍රධාන චරිතය වන ‘කෝල්ට් සීවර්ස්ගේ’ චරිතය නිරූපණය කරන්නේ හොලිවුඩයේ සිටින සමිමානනීය නළුවෙකු වන ‘රයන් ගොස්ලින්’ විසින්. මෙම චිත්‍රපටය 2010 වසරේ සිට නිෂ්පාදනය කිරීමේ සාකච්ඡා පැවති අතර ප්‍රධාන නළුවන් ලෙස ‘ටොමි කෲස්’, ‘කීනු රිවිස්’, ‘නිකලස් කේජ්’, ‘ජේසන් ස්ටැතමි’ සහ ‘ඩිවෙන් ජොන්සන්’ වැනි සුප්‍රකට නළුවන් යොදා ගැනීම තීරණය කළ ද පසුව ඒ තීරණ වරින්වර වෙනස් විය.
ප්‍රධාන නිළිය ලෙස හොලිවුඩේ සිටින දක්ෂ සහ සුරුපී නිළි එමිලි බිලින්ට් විසින් නිරූපණය කරනු ලබයි. මීළග ජේම්ස් බොන්ඩි චිත්‍රපටයේ ප්‍රධාන නළුවා ලෙස තෝරාගෙන ඇති බ්‍රිතාන්‍ය නළු ‘ආරොන් ටේලර් ජෝන්ස්’ විසින් ද රංගනයෙන් දායක වෙයි. ‘ද ෆේල් ගයි’ චිත්‍රපටයේ සියළුම රූගත කිරීමි ඕස්ට්‍රේලියාවේ තෝරාගත් ප්‍රදේශ ආශ්‍රිතව සිදු කර තිබේ. චිත්‍රපටයේ රූගත කිරීමි සඳහා සිඩ්නි නුවර පිහිටි පාලම දහවල් කාලයේ පැය කිහිපයක් වසා දැමීමට පවා සිදු වුණ බව චිත්‍රපට කණ්ඩායම පවසා ඇත.
ඩේව්ඩ් ලීචි චිත්‍රපට අධ්යක්ෂණයට පිවිසෙන්න කලින් ඔහුගේ වෘත්තිය වුණේ ස්ටන්ට් සමිබන්ධිකාරකයෙක් විදියට ක්‍රියාදාම චිත්‍රපට සඳහා ස්ටන්ට් ශිල්පීන් සමිබන්ධ කරන එක. ඩේවිඩ් ලීචි මාධ්‍ය වෙත පවසන විදියට ‘ද ෆේල් ගයි’ චිත්‍රපටය තමන්ගේ ක්ෂේත්රයේ ඉන්න ස්ටන්ට් ශිල්පීන් වෙනුවෙන් ගෞරවය පිණිස නිර්මාණය කළ චිත්‍රපටයක් විදියට නමි කර තිබේ. ඒ වගේම චිත්‍රපටයේ ඇතැමි රූගත කිරීමි අතරතුර තමන්ගේ මෙතෙක් සිනමා ජීවිතය ඇතුළේ කිසිසේත් නොකළ භයානක ක්‍රියාදාම දර්ශනවලට මුහුණ දෙන්නට සිදු වුණා කියලා නළු රයන් ගොස්ලින් පවසා ඇත. ඇමරිකානු ඩොලර් මිලියන 130ක දැවැන්ත පිරිවැයක් නිර්මාණය වුනු ‘ද ෆේල් ගයි’ චිත්‍රපටය නිෂ්පාදනය කරන්නේ අධ්යක්ෂ ඩේව්ඩ් ලීචි, නළු රයන් ගොස්ලින්, නිෂ්පාදකවරයෙක් වන ගයිමන් කසාඩි සහ කෙලී මැක්කොමික් සතර දෙනකුගේ හවුල්කාරිත්වය යටතේය. චිත්‍රපටය ලොව පුරා බෙදා හැරීම සිදු කරන්නේ ‘යුනිවර්සල් ස්ටුඩියෝ’ සමාගම විසිනි.
මලින්ත විතානගේ