මලයාලම් සිනමාවේ නවතම ආදර කතාව ප්‍රේමලු
මේ දිනවල මලයාලමි චිත්‍රපට බලන අපේ ප්‍රේක්ෂකයන් අතර වැඩිපුරම කතාබහට ලක්වුණ ජනප්‍රිය චිත්‍රපටය තමයි ‘ප්‍රේමලු’ කියන්නේ. කෙටි කාලයක් තුළදී අතිශය ජනප්‍රිය වුණ ‘ප්‍රේමලු’ චිත්‍රපටය ලංකාවේ වගේම ලෝකය පුරා මලයාලමි චිත්‍රපට නරඹන ප්‍රේක්ෂකයන් දැඩිව ආකර්ෂණය කරගත් චිත්‍රපටයක් වී හමාරය. ඉන්දියානු රුපියල් කෝටි 3ක් වැනි අඩු පිරිවැයක් යටතේ නිෂ්පාදනය වුණ ‘ප්‍රේමලු’ මලයාලමි චිත්‍රපටය රොමෑන්ටික් කොමඩි ශානරයට අයත් එකකි.
දැනට ‘ප්‍රේමලු’ චිත්‍රපටය ලොව පුරා තිරගත කිරීමෙන් ඉන්දියානු රුපියල් කෝටි 136 වැනි දැවැන්ත බොක්ස් ඔෆිස් ආදායමකට හිමිකමි කියන්නට සමත්ව තිබීම කැපි පෙනේනක් වෙයි. ‘ප්‍රේමලු’ ඉන්දියාව තුළ පමණක් තිරගත කිරීමෙන් ඉන්දියානු රුපියල් කෝටි 95 ඉක්මවූ අතර, විදේශයන්හි තවත් කෝටි 40ක් සමඟ, ලොව පුරා රුපියල් කෝටි 136ක් ඉපයීමට සමත් වූයේ දින විස්සක් වැනි කෙටි කාලයක් තුළදී.
2024 වසරේ තිරගත වූ මලයාලමි චිත්‍රපට අතරින් දැනට වැඩිම ආදායමක් ලැබූ තුන්වැනි චිත්‍රපටය ලෙස ‘ප්‍රේමලු’ චිත්‍රපටය සහ මලයාලමි සිනමා ඉතිහාසය තුළ වැඩිම ආදායමක් ලැබු හත්වැනි චිත්‍රපටයද වෙනවා. ලැබූ අති සාර්ථක ප්‍රතිචාර සමඟ පසුගිය අප්‍රේල් 19 වැනිදා ‘ප්‍රේමලු’ චිත්‍රපට නිෂ්පාදන කණ්ඩායම විසින් ලබන වසරේ දී ‘ප්‍රේමලු 2’ චිත්‍රපටය තිරගත කරන බවට නිල වශයෙන් මාධ්‍ය වෙත අදහස් දක්වාද ඇත.
චිත්‍රපටයේ කතාව බවට පත්වන්නේ සචින් සන්තෝෂ් සහ රීනු රෝයි යන දෙදෙනා අතර ඇතිවන අපුරු විදියේ ප්‍රේමයක් ගැන. චිත්‍රපටය අධ්‍යක්ෂණය කරන්නේ ග්රීෂ් ඒ.ඩී විසින්. චිත්රපයේ සම තිර රචනය සිදු කර ඇත්තේද ඔහු විසිනි. නිෂ්පාදනය කරන්නේ වර්තමාන මලයාලමි සිනමාවේ සේම දකුණු ඉන්දියානු සිනමාව තුළ සිටින ජනප්‍රිය සම විශිෂ්ට නළුවකු වන ‘ෆහාද් ෆාසිල්’ සහ ‘දිලීෂ් පෝතන්’, ‘සියාම් පුෂ්කරන්’ විසින්. ‘ප්‍රේමලු’ චිත්‍රපටයේ රූගත කිරීමි බොහෝමයක් සිදු කරලා තියෙන්නේ කේරළයෙන් පිට තෙළිඟු ප්‍රාන්තයක් වන හයිද්‍රාබාද් ප්‍රදේශය ආශ්‍රිතවයි.
දින 75ක් පුරාවට රූගත කිරීමි සිදු කළ ‘ප්‍රේමලු’ චිත්‍රපටයේ සමහර දර්ශන රූගත කිරීම වෙනුවෙන් දැවැන්ත වෙහෙස මහන්සියක් ගත් බව අධ්යක්ෂ ‘ග්රීෂ් ඒ.ඩී’ පවසා ඇත. විශේෂයෙන් චිත්‍රපටයේ ප්‍රධාන චරත දෙපළ වන සචින් සන්තෝෂ් සහ රීනු රෝයිගේ චරිත නිරූපණය කරන නස්ලන් සහ මමිතා වෙනුවෙන් වෙන් වු දින 30ක රංගන වැඩමුළුවක් පවත්වන්ට සිදු වු බව අධ්යක්ෂවරයා පැවසීය.
මලින්ත විතානගේ