Uthmirror

වැඩිහිටි චිත්‍රපටයක් ලෙස ලේබල්ගත කළ චැලෙන්ජර්ස්

වැඩිහිටි චිත්‍රපටයක් ලෙස ලේබල්ගත කළ චැලෙන්ජර්ස්

පසුගිය අප්‍රේල් 26 සිට ලොව පුරා සිනමා ශාලා දස දහසක තිරගත වීමි ඇරඹුනු වෙනස්ම විදියේ කතාන්තරයකින් සමන්විත වුණ රොමැන්ටික් ශානරයේ හොලිවුඩ් චිත්‍රපටයක් තමයි චැලෙන්ජර්ස් කියන්නේ. මෙම චිත්‍රපටය ප්‍රධාන චරිතය නිරූපණය කරන හොලිවුඩයේ සුපිරි යොවුන් නිළියක් වන සෙන්ඩ්‍යාය. ⁣චිත්‍රපටයේ කතාව දිගහැරෙන්නේ ටෙනිස් ක්‍රීඩකයන් දෙපළකට ප්‍රේම කරන ‘⁣ටාෂි ඩන්කන් කියන චරිතය වටායි.


චිත්‍රපටය තිරගත වන්නටත් පෙර සිටම ‘චැලෙන්ජර්ස්’ චිත්‍රපටයේ පූර්ව ප්‍රචාරකපටය හරහා දකින්න ලැබුනේ සෙන්ඩ්‍යා විසින් තරුණයන් දෙදෙනකු එකවරම සිපගන්නා ත්‍රීසමි ආකාරයේ දර්ශනයකි. මේ නිසාම මෙම චැලෙන්ජර්ස් චිත්‍රපටය ප්‍රේක්ෂකයන් අතර දැඩි අවධානයක් දිනාගන්නට සමත්වුණා කිව්වොත් හරි. ඒකට හේතුව වෙන්නේ ‘ස්පයිඩර් මෑන්’, ‘ඩූන්’ වැනි බොක්ස් ඔෆිස් වාර්තා තැබු චිත්‍රපට සඳහා රංගනයෙන් දායක වූ සෙන්ඩ්‍යා විසින් එවැනි ආකාරයේ චිත්‍රපටක දර්ශනයකට පෙනී හිටපු මුල්ම අවස්ථාව මෙය වීමයි. මෙ විදියට ‘චැලෙන්ජර්ස්’ චිත්‍රපටයේ ලිංගික දර්ශන සහ නිරුවත් දර්ශන හේතුවෙන් මෙය වැඩිහිටයන්ට සීමා කළ චිත්‍රපටයක් විදිහට දැන් නම් කරද තිබේ.


චැලෙන්ජර්ස් චිත්‍රපටය අධ්‍යක්ෂණය කරන්නේ ‘Call Me by Your Name (2017)’ කියන ජනප්‍රිය ගණයේ සමලිංගික චිත්‍රපටය අධ්‍යක්ෂණය කරපු ‘Luca Guadagnino’ ඉතාලි ජාතික අධ්‍යක්ෂකවරයා විසින්. ඇමරිකානු ඩොලර් මිලියන 55ක වියදමක් දරා ‘චැලෙන්ජර්ස්’ නිෂ්පාදනය කරන්නේ ‘මෙටිරෝ ගෝල්ඩන් මේයර්’ චිත්‍රපට සමාගම විසින්. චිත්‍රපටයේ කතාව ටෙනිස් ක්‍රීඩාවට සමිබන්ධ නිසා චිත්‍රපටය රූගත කරන්නට පෙර ‘සෙන්ඩ්‍යා’ හට මාස තුනක් පුරාවට ටෙනිස් ක්‍රීඩාව පුහුණවන්නට සිදු වූ බව මාධ්‍ය වෙත පවසා තිබුණි. මේ වනවිට බොහෝ විචාරකයන් ‘චැලෙන්ජර්ස්’ චිත්‍රපටය දැනට 2024 වසරේ තිරගත වූ හොඳම චිත්‍රපට අතරින් එකක් ලෙසද නමි කර තිබීම කැපි පෙනුණ සිදුවිමකි.
මලින්ත විතානගේ

Leave a Reply

Your email address will not be published. Required fields are marked *