කෝටි තුන්සියක් වියදම් කරපු බඩේ මියාන් චොටේ මියාන්
‘Bad Miyan Chote Miyan’ කියන්නේ ආක්ෂේ කුමාර් සහ ටයිගර් ශෙරෝෆ් දෙපළ එක්ව පළමු වරට ප්‍රධාන චරිතය නිරූපණය කරන අලුත්ම ක්‍රියාදාම ගණයේ බොලිවුඩි චිත්‍රපටය. පසුගිය අප්‍රේල් 11 වැනිදා සිට ලොවපුරා සිනමාශාලා දසදහසක තිරගත වුණු මෙම චිත්‍රපටය ඉන්දියානු රුපියල් කෝටි 350ක් වැනි අති දැවැන්ත මුදලක් දරමින් නිෂ්පාදනය වුනත් ආදායම ලෙස ලබා ගැනීමට හැකි වූයේ ඉන්දියානු රුපියල් කෝටි 81ක් පමණයි. ස්කොට්ලන්තය, එංගලන්තය, ලූටන්, අබුඩාබි සහ ජෝර්දානය යන රටවල් රැසක මනරමි දර්ශනතලවල රූගත කිරීමි සිදු කරල තියෙන ‘Bad Miyan Chote Miyan’ අධ්‍යක්ෂණය කරන්නේ අලී අබ්බාස් සෆර් විසින්.
ඉන්දියානු යුධ හමුදාවේ සේවය කරන ෆිරෝස් (ෆ්‍රෙඩී) සහ රාකේෂ් (රොකී) යන මිතුරන් දෙදෙනකු විසින් ඉන්දියාව ත්‍රස්තවාදී සංවිධානයකින් බේරා ගන්නා කතාවක් මත මෙය නිර්මාණය වි ඇත. ‘Bad Miyan Chote Miyan’ චිත්‍රපටයේ අසාර්ථකත්වයට පෙර ආක්ෂේ කුමාර් ගිය වසරවල රඟපෑ ‘සෙල්ෆි’, ‘රාමි සේතු’, ‘මිෂන් රාණිගන්ජ්’ චිත්‍රපට බොක්ස් ඔෆිස් අසාර්ථක වූවා සේම, ටයිගර් ශෙරෝෆ් විසින් රඟපෑ ‘හීරෝපාන්ට් 2’ සහ ‘ගනපත්’ චිත්‍රපට ද්විත්වය ද ආදායමි අතින් අසාර්ථක වීම කැපී පෙනෙන සිදුවීමක්.
‘Bad Miyan Chote Miyan’ චිත්‍රපටයේ ප්‍රධාන දුෂ්ටයාගේ චරිතය නිරූපණය කරන්නේ මලයාලමි සුපිරි නළු පෘතුවිරාජ් සූකුමාරන් විසිනි. චිත්‍රපටය ලොවපුරා බෙදා හැරීම සිදු කර ඇත්තෙ සුප්‍රකට සිනමා සමාගමක් වන ‘යාෂ්රාජ් සිනමා සමාගම’ විසිනි. පැය දෙකයි විනාඩි 44ක ධාවන කාලයකින් සමන්විත ‘Bad Miyan Chote Miyan’ චිත්‍රපටය බොහෝ විචාරකයන් සඳහන් කළේ බොලිවුඩි සිනමාවෙන් 2024 පැමිණි හොඳ ක්‍රියාදාම ජවනිකාවලින් සමන්විත සුපිරි ගණයේ ක්‍රියාදාම චිත්‍රපටයක් ලෙසිනි.
මලින්ත විතානගේ