Uthmirror

පළමුවරට ඔබ ලිංගීක අත්දැකිමක් ලබන අයෙක් නම්

පළමුවරට ඔබ ලිංගීක අත්දැකිමක් ලබන අයෙක් නම්

පළවෙනි ලිංගික අත්දැකීම කියන්නෙ හරි කල්පනාවෙන් අපි විඳින්න ඕනා දෙයක්. මොකද ඒ මතකය සුන්දර වෙන්නෙත් අසුන්දර වෙන්නෙත් අපි ඒක විඳින ආකාරයට කිව්වොත් හරියටම හරි. හැබැයි අපි කරන දේ ගැන හොඳ අවබෝධයකින් වගේම මුලික් දැනුමත් සමග විඳින්න සුදානම් වුණොත් අවසානය හොඳ සාර්ථකත්වයකින් නිමා වෙන්න පුළුවන්.


ලිංගික අත්දැකීමක් ලබන්න පෙර ඒ දේට සුදානම් වෙන ඔබ දෙදෙනා බොහෝම පැහැදිලි ව ඒ ගැන එකිනෙකා සමග කතා කරන්න ඕනා. ගැහැණු ළමයෙක් වුණත්, පිරිමි ළමයෙක් වුණත් තමන් කරන දේ ගැන වගකීම අද නෙවෙයි කවදා වුණත් තමන්ට ගන්න පුළුවන් කියන කාරණේ ගැන මුලීකවම හිතන්න ඕනා. ඒ වගේම, දෙන්නාම ආස දේවල් මොනවද ඒවා මේ පළමු අත්දැකිමේදී කරන්න පුළුවන්ද, එහෙමත් නැත්නම් යම් සීමාවක් පනවාගෙන මේ වැඩේට මුල පුරනවාද කියලා දෙන්නා කතා කරගන්න ඕනා. ඒ වගේම තමයි මුල්ම එකතුවේදී යම් වේදිනාවක් අපහසු ඇති වුණොත් වැඩේ දිගටම කරනවද නැත්නම් නතර කරනවද කියන කාරණයත් දෙන්නා මුලිකවම හිතන්න ඕනා.


හොඳින්ම හිතට ගන්න ඕනා දේ තමා මේක. අවුරුදු 16ට අඩු කෙනෙක් එක්ක එයාගෙ කැමැත්තෙන් ලිංගික ව එකතු වුණත්, අකමැත්තෙන් එකතු වුණත් ඒක ලංකාවේ දැනට පවතින නීතියට අනුව වරදක්. හැබැයි ඉතින් යුරෝපා රටවල නම් පළමු ලිංගික අත්දැකිම ලබාගන්නේ වයස අවුරුදු 13ටත් අඩු කාලේදී කිව්වොත් බොහෝ දෙනෙක් විශ්වාස කරන එකකුත් නැහැ. ලංකාවේ එහෙම බැහැ. ඒකට නිතීයක් තියෙනවා.


ඊළඟ දේ තමා පළමු ලිංගික අත්දැකිම ලබන්නේ කොතැනදිද කියන දේ. ගොඩක් අය දන්නවා නේ ප්‍රධානම ලිංගික අවයව තමයි මොළය කියන්නේ. ඉතින් මානසිකත්වය හොඳ මට්ටමක නැත්නම් මේ වැඩේ කොහොමත්ම කරන්න බැහැ. තැන වගේම හිත නිදහස් නැත්නම් ඉතින් කවදාවත් පළමු ලිංගික අත්දැකිමේ රසය උපරිමය විඳගන්න බැහැ. අනික තමයි තැනේ හැටියට වැඩේ කරන්න වෙන එක. හෝටල් කාමරයක නම කවුරු හරි දන්න කියන කෙනෙක් එයිද, ඉක්මණට මෙතැනින් යන්න ඕනා. නොදන්න විදිහට මේ කාමරයේ කැමරා අටවලා තියෙනවද කියන ප්‍රශ්නය දෙන්නගේම ඔලුවට එනවා. ඉතින් තමන්ගේම දන්න කියන තැනක මේ වැඩේට සුදානම් වෙන එක ගොඩක්ම නුවණට හුරුයි.


පළවෙනි ලිංගික එකතු වීමෙදි දෙන්නම දරුවෙක් බලාපොරොත්තු වෙන්නෙ නැනේ. අනිත් අතට, එහෙම නැතිව මේ කරන වැඩේදී දරුවෙක් හිටියොත් ඔක්කොම දේ කණපිට පෙරළෙන්න ඉඩ තියෙනවා. ඉතින් ඒ ගැනත් කතා කරගන්න. කොන්ඩම් දානවද, ඩේට් බලනවද, එහෙමත් නැත්නම් යෝනි සංසර්ගය නැතුව වෙනත් විදිහකට ලිංගික එකතු වෙනවද කියන දේ ගැන දෙන්නා එක්ක කතා කරගන්න.


පළමු ලිංගික එක්විමේදී අතිත දේවල් නම් ඇදලා ගන්න එපා. මෝඩකමට දෙන්නාගෙන් කවුරුත් මේක පළමු ලිංගික අත්දැකිමද කියලා අහන්න එපා. එහෙම වුණොත් පළමු ලිංගික අත්දැකිම ලබන්න කෙසේ වෙතත්, මේ සම්බන්ධය අවසන් වීමට තියෙන ඉඩ වැඩියි. එහෙනම් ඔබ පළමු ලිංගික අත්දැකිමක් ලබන්න සුදානම් වෙනවා නම් මේ කරුණු කාරණා ටික හොඳට හිත අරගන්න.
උපුටා ගැනීමකි

Leave a Reply

Your email address will not be published. Required fields are marked *