සුපිරි නළු සල්මාන්ගේ මුම්බායි නිවසට වෙඩි ප්‍රහාරයක්
බොලිවුඩ් නළු සල්මන් ඛාන්ගේ මුම්බායි නිවස දෙසට අප්‍රේල් 14 වැනිදා පාන්දර කාලයේදී වෙඩිතැබීමක් සිදුකර ඇති බව ඉන්දීය පොලීසිය වාර්තා කර සිටියි. කිසියම් නාඳුනන පුද්ගලයන් දෙදෙනෙකු විසින් අප්‍රේල් 14 වැනිදා පාන්දර තුනට ආසන්නව ඔහුගේ නිවසට පැමිණ නිවස දෙසට සහ අහසට වෙඩි තබා එම ස්ථානයෙන් පළාගොස් ඇති බවට පොලිස් විමර්ශනවලදී හෙළිව තිබේ.
ඔවුන් වැඩිදුරටත් පවසන්නේ නිවසේ පිටත බිත්ති වල වෙඩි සලකුණු 5ක් පමණ දක්නට ඇති බවත් සැකකරු සොයා ගැනීමේ මෙහෙයුම් කිහිපයක් මේ වනවිටත් අරඹා ඇති බවය. ඉන්දියාවේ ජාතික විමර්ශන ඒජන්සිය පසුගිය වසරේ පවසා ඇත්තේ ප්‍රධාන පෙළේ මැර කල්ලියක බොලිවුඩ් නළු සල්මන් ඛාන් ඉලක්ක කර සිටින බවය. පසුගිය වසරේ ඔහුට ලැබුණු තර්ජනාත්මක දුරකථන ඇමතුම් හේතුවෙන් සල්මන් ඛාන්ගේ ආරක්ෂාව තවත් වැඩි කිරීමට මුම්බායි පොලීසිය පවසා තිබුණ බවද පසුගිය කාලයේ තොරතුරු පළවි තිබුණි.