බොබි මාලීට සාධාරණයක් ඉටු නොකළ බොබ් මාලි
‘බොබි මාලී’ යනු සංගීත ලෝකයේ සිටින දැවැන්ත පුරාවෘත්තයකි. අමරණීය චරිතයකි. ඔහු ප්රජාතන්ත්රවාදය වෙනුවෙන් පෙනී සිටි ගායකයෙකි. ඒ වගේම බොබි මාලී චරිතය පිළිබඳ නිරූපණය කරන වාර්තා චිත්‍රපට සහ වෘතාන්තමය චිත්‍රපට, කෘති විශාල ප්‍රමාණයක් නිර්මාණය වී තිබෙනවා. නැවතත් බොබි මාලී චරිතය පිළිබඳ කතා කරන්නට පටන් ගන්නේ ලොව පුරා තිරගත වූ ‘Bob Marley One Love’ චිත්‍රපටය ප්‍රදර්ශනය වීමත් සමගය.
චිත්‍රපටය අධ්‍යක්ෂණය කරන්නේ ‘රෙයිනාල්ඩෝ මාකස් ග්‍රීන්’ නමැති නවක ඇමරිකානු අධ්යක්ෂවරයා විසිනි. ඔහු මීට පෙර ඔස්කාර් සමිමාන පවා දිනාගත් ‘කින්ග් රිචර්ඩ්’ නමැති චරිතාපදාන චිත්‍රපටය අධ්‍යක්ෂණය කළේය. චිත්‍රපටයේ අධ්යක්ෂ රෙයිනාල්ඩෝ පැවසුවේ ‘බොබි මාර්ලී’ චිත්‍රපටය නිර්මාණය කිරීම බොබ්ව දන්නා සහ ආදරය කරන, සහ තවමත් ඔහුගේ ජීවිතය පිළිබඳ නොදන්නා දේවල් සොයා ගැනීමට මෙන්ම නව පරම්පරාවකට ඔහුව හඳුන්වා දීමට අවශ්‍යය වීම අරමුණු වු බවයි.
චිත්‍රපටයේ තිර පිටපත රචනා කර ඇත්තේ ‘Terence Winter’, ‘Frank E. Flowers’, ‘Zach Baylin’ සහ ‘Reinaldo Marcus Green’ තිර රචකයන් සතර දෙනකුගේ සහයෝගයෙනි. චිත්‍රපටය තවත් විශේෂ වන්නේ ‘බොබි මාර්ලි’ නිෂ්පාදනය සිදු කරන්නේ බොබි මාර්ලිගේ බිරිඳ වන ‘රීටා මාර්ලි’ සහ පුත්‍ර රත්නය වන ‘සිගී මාර්ලි’, දියණිය වූ ‘සෙඩෙලා මාර්ලි’ විසිනි. ඇමරිකානු ඩොලර් මිලියන 80ක වියදමින් තැනුන ‘බොබි මාර්ලි’ චිත්‍රපටය ලොව පුරා බෙදාහැරීම සිදු කරන්නේ සුපතළ ‘පැරමවුන්ටි පික්චර්ස්’ සිනමා සමාගම විසිනි.
‘බොබි මාර්ලි’ චරිතය සඳහා නිරූපණය කරන්නේ බ්‍රිතාන්‍ය ජාතික සමිමානනීය නළුවෙක් වන ‘කිංස්ලි බෙන් ආදිර්’ විසිනි. ඔහු යමි පමණකට බොබි මාලිගේ චරිතය වෙනුවෙන් යමි සාධාරණයක් කිරීමට උත්සාහ ගන්නා බව පෙනෙයි. නමුත් සැබෑ බොබි මාලිගේ චරිතයට ළඟා වන්නට ඔහුගේ නිරූපණය ප්‍රමාණවත් නැත. ‘කිංස්ලි’ බ්‍රිතාන්‍යයේ දක්ෂ වේදිකා නාට්‍ය නළුවෙකි. එමෙන්ම පසුගිය වසරේ බොක්ස් ඔෆිස් වාර්තා තැබු ‘බාර්බි’ චිත්‍රපටයේ ද රංගනයෙන් දායක විය. කිංස්ලි පැවසුවේ තමාට බොබි මාර්ලී වැනි දැවැන්ත චරිතයක් නිරූපණය කිරීම දැඩි අභියෝගාත්මක එකක් වූ බවයි. එම අභියෝගය කෙතරමි දුෂ්කර ද කිවහොත් ඔහු පැවසුවේ, මීට පෙර ගීත ගායනය හෝ නර්තනය සිදු නොකර තිබු බවත් ‘බොබි මාර්ලී’ චිත්‍රපටය වෙනුවෙන් ගිටාර් වාදනය, ගීත ගායනා කිරීමට මුළුමනින්ම ඉගෙනගන්නට සිදු වූ බවයි.
Bob Marley ; One Love’ චිත්‍රපටය බලාපොරොත්තු වු තරමි 100%ක් ප්රශස්ත මට්ටමේ චරිතාපදාන චිත්‍රපටයක් නොවෙයි. දැඩි අභියෝග එල්ල වූ ලොවක් වසඟ කළ චරිතයක බර Bob Marley One Love තුළින් දැනෙන්නේ නැත. Bob Marley One Love යනු අසාර්ථක චරිතාපදානයකි.
මලින්ත විතානගේ