ඩෝල්ටන් බොක්සිං ශූරයා නැවත ප්‍රතිනිර්මාණය වෙයි
‘රෝඩ් හවුස්’ කියන්නේ 1989 වසරේ තිරගත වුනු ජනප්‍රිය ගණයේ හොලිවුඩි ක්‍රියාදාම චිත්‍රපටයක්. චිත්‍රපටයේ නමේ තේරුම විදියට ‘රෝඩ් හවුස්’ එකක් එහෙමත් නැත්නමි නාගරික මහ පාරක පිහිටි නයිටි ක්ලබි එකක් කේන්ද්‍ර කරගෙන තමයි චිත්‍රපටයේ කතාව නිර්මාණය වෙන්නේ.මේ නයිටි ක්ලබි එකේ වැඩ කරන ‘ඩෝල්ටන්’ කියන හාදයා විසින් තමයි නාහෙට අහන්නෙ නැති, කරදර පිට කරදර ගේන කරදකාරයන්ගෙන් ‘රෝඩ් හවුස්’ එක බේර ගන්නේ. ඩෝල්ටන් කියන්නේ නයිටි ක්ලබි එකේ ආරක්ෂකයා කිව්වොත් හරියට හරි. ඩෝල්ටන් තමන්ගේ මේ වෘත්තිය නිසාම සෑහෙන්න අටෝරාසිය කරදරවලට පැටලෙනවා. විශේෂයෙන් නගරයේ රජ කරන මැරයන්ගෙන් එහෙම. ‘රෝඩ් හවුස්’ චිත්‍රපටයේ කතාව බවට පත් ඩෝල්ටන්’ කියන බොක්සිං හෙවත් මල්ලවපොර ශූරයාගේ කතාවයි.
1989 වසරේ විචාරකයන්ගෙන් දැඩි විවේචනයට ලක් වුණු ‘රෝඩ් හවුස්’ චිත්‍රපටය නැවත ප්‍රතිනිර්මාණය වෙන්නේ වසර 34කට පසුවයි. ‘රෝඩ් හවුස්’ චිත්‍රපටය සිනමාශාලා තුළ ප්‍රදර්ශනය නොවු අතර ‘Amazon Prime’ හරහා මාර්තු 21 වැනි දා සිට අන්තර්ජාලය වෙත නිකුත් කෙරුණා. රෝඩි හවුස් චිත්‍රපටය අධ්‍යක්ෂණය කරන්නේ හොලිවුඩයේ සුප්‍රකට අධ්යක්ෂවරයෙක් වන ‘ඩග් ලීමන්’ විසිනි. ඩග් ලීමන් විසින් 2002 වසරේ අධ්‍යක්ෂණය කළ ‘ද බෝන් අයිඩෙන්ටිටි’ ක්‍රියාදාම චිත්‍රපටය, 2005 අධ්‍යක්ෂණය කළ ‘මිස්ටර් ඇන්ඩි මිසිස් ස්මිත්’ ක්‍රියාදාම චිත්‍රපටය, 2014 වසරේ තිරගත වූ ‘ඒජ් ඔෆ් ටුමාරෝ’ විද්‍යා ප්‍රබන්ධ චිත්‍රපටය සහ 2017 වසරේ තිරගත වූ ‘ඇමරිකන් මොඩි’ චිත්‍රපටයන් විචාරකයන් සහ ප්‍රේක්ෂකයන් දැඩිව වැළඳගත් ජනප්‍රිය චිත්‍රපට වේ. ‘රෝඩි හවුස්’ චිත්‍රපටයේ ප්‍රධාන චරිතය වන ඩෝල්ටන් නමැති මල්ලවපොර ශූරයාගේ චරිතය නිරූපණය කරන්නේ හොලිවුඩයේ ජනප්‍රිය ගණයේ විශිෂ්ට නළුවකු වන ‘ජේක් ගිලෙන්හාල්’ විසිනි.
එමෙන්ම UFC නමැති ජනප්‍රිය පන්නයේ බොක්සිං පොර පිටියේ ජනප්‍රිය සටන් ශුර “කොනර් මැක්ග්‍රෙගර්” තම පළමු සිනමා සම්ප්‍රාප්තිය ලෙස ‘රෝඩ් හවුස්’ වනු ඇත. රංගනයෙන් ජේක් ගිලෙන්හාල්ට අමතරව ‘බිලී මැග්නුසන්’, ‘ජෙසිකා විලියම්ස්’, ‘ජෝකිම් ද අල්මේදා’, ‘ඔස්ටින් පෝස්ට්’ යන නළු නිළියන් පිරිසක් රංගනයෙන් දායක වෙනවා. ඇමරිකානු ඩොලර් මිලියන 100ක වියදමින් තැනුණු ‘රෝඩ් හවුස්’ චිත්‍රපටය නිෂ්පාදනය කරන්නේ ‘සිල්වර් පික්චර්ස්’ සහ ‘මෙටිරෝ ගෝල්ඩන් මේයර්’ සමාගමි ද්විත්වය විසිනි.
රෝඩ් හවුස්’ චිත්‍රපටය සියළු රූගත කිරීමි ‘ඩොමිනික්’ රාජ්‍ය සහ ‘ලාස්වේගාස් නුවර’ ආශ්‍රිතව සිදු කර තිබීම විශේෂත්වයක්. චිත්‍රපටයේ කතාව තුළ අන්තර්ගත ලෝකයේ සුප්‍රකට UFC නමැති මල්ලවපොර තරඟය අතරතුර සජීවි ලෙස රූපගත කර තිබීමි සුවිශේෂී වෙනවා. මේ වනවිට විචාරකයන්ගෙන් මිශ්‍ර ප්‍රතිචාර ලබා සිටින ‘රෝඩ් හවුස්’ චිත්‍රපටය ලිපිය ලියන මොහොත වනවිටත් IMDB සිනමා දර්ශකයේ 7.2/10 වැනි ඉහළ අගයක්ද, රොටෙන් ටොමැටෝස් විචාරක වෙබි අඩවියේ 69%ක් ද, මෙටාක්‍රිටික් වෙබි අඩවිය විසින් 60%ක් අගයක්ද වාර්තා කර තිබුණා. විචාරකයන් සඳහන් කළේ පළමු ‘රෝඩ් හවුස්’ චිත්‍රපටයට වඩා ප්රතිනිර්මාණව ඉතාම ඉහළ සහ ගුණාත්මක මටිටමින් නිර්මාණය කර ඇති බවයි. පැය දෙකයි විනාඩි 54ක් පුරාවට ද්වන්ධ සටන් මාලාවන්ගෙන් සුසැදි ක්‍රියාදාම දර්ශනවලින් පිරි ‘රෝඩ් හවුස්’ කියන්නේ ක්‍රියාදාම චිත්‍රපට රසිකයන්ට නමි නරඹන්න හොඳම චිත්‍රපටයක්.
මලින්ත විතානගේ