Uthmirror

ලිංගික අත්දැකිමක් ගන්න සෙක්ස් කරන්නම ඕනාද

ලිංගික අත්දැකිමක් ගන්න සෙක්ස් කරන්නම ඕනාද

ලිංගික සෙල්ලම් භාණ්ඩ එහෙම නැත්තම් Sex Toys කියන්නේ අද වෙද්දී ලෝකයේ බොහෝ දෙනෙක් අතර ජනප්‍රිය වේගෙන යන දෙයක්. මේ වෙද්දී ඒ වෙනුවෙන් අන්තර්ජාතික වෙළඳපලක් පවා නිර්මාණය වෙලා තියෙනවා. ලාංකීය ජන සමාජය තුළත් මේ සම්බන්ධ මීට පෙර කතා නොවුනට වර්තමානය වෙද්දි සමාජ මාධ්‍ය සහ අනෙකුත් අන්තර්ජාල භාණ්ඩ අලෙවි වෙබ් අඩවි හරහා මේ දේවල් ප්‍රසිද්ධියේම අද විකිණෙන තත්ත්වයක් තියෙනවා.


හුදෙක් කාන්තාවකට හෝ පුරුෂයකුට තම ලිංගික සහයකයා නොමැතිවම එහි තෘප්තියක් ලබා ගැනීමට හැකි වෙනවා කියන මිත්‍යා මතය පදනම්වයි මෙම භාණ්ඩ ලෝකයේ අලෙවි වෙන්නේ. ලංකාවටමේ දේවල් අලුත් වුණාට යුරෝප රටවල්වලට මේවා සාමාන්‍ය දෙයක්. ලංකාවේ ඖෂධ විකුණන ආයතනවලට සමානව බටහිර යුරෝපා රටවල ලිංගික සෙල්ලම් බඩු එහෙමත් නැත්නම් Sex Toys වෙළෙඳ ආයතන පිහිටලා තියෙනවා.


බටහිර යුරෝපා රටවල නම් මේ ලිංගික සෙල්ලම් බඩු වයස් භේදයකින් තොරව ඕනෑම කෙනෙකුට ලබා දෙනවා. පර්යේෂණ වාර්තාවලට අනුව නම් මේ දේවල් ඒ රටවල් වල භාවිතා කරන්න පටන් ගන්නේ නව යොවුන් වියට එළැඹෙනවාත් සමග. යුරෝපීය රටවල් කියන්නේ කොහොමත් ලිංගික අවශ්‍යතාවලට වැඩිපුර තැනක් දෙන රටවල් නිසා ඒ කතා හරි වෙන්නත් පුළුවන් ඉතින්.


දවසින් දවස අලුත් වෙන මේ ලිංගික සෙල්ලම් බඩු මේ වනවිට වැඩිපුරම නිෂ්පාදනය වෙන්නේ ජපානයේ හා ප්‍රංශයේ. කොහොම වුණත් අද වෙන කොට ලෝකයේ රටවල් අතළොස්සක් තමයි මේ දේවල් පාවිච්චි නොකරන්නේ. පර්යේෂකයින්ගේ මතය අනුව නම් අද බොහෝ නව යොවුන් වියෙහි පසුවන තරුණ, තරුණියන් මේ දේවල්වලට දැඩි ලෙස ඇබ්බැහි වී තිබෙනවා. ගොඩක්ම පාසල් යන දරුවන්.


හැබැයි ඒ පර්යේෂකයින් කියන්නේ දෙදෙනෙක් අතර ඇතිවන ලිංගික සංසර්ගයකදී හැඟීම් සහ තෘප්තිය මෙම ලිංගික සෙල්ලම් භාණ්ඩ වලින් ලබා ගන්නට හැකියාවක් නැති බවයි. නමුත් යම් යම් රෝගාබාධයන් නිසාවෙන් විවාහ වීමට නොහැකි අයට සහ ලිංගික අවයව දුබලතා ඇති අයට තම ලිංගික සතුට වෙනුවෙන් මෙම භාණ්ඩ භාවිතා කිරීම ගොඩක් හොඳයි කියලා.


උපුටා ගැනීමක්

Leave a Reply

Your email address will not be published. Required fields are marked *