රටක් පිනවූ චන්ද්රකුමාර ජීවිත ගමනට සමුදෙයි
ප්රවීණ ගායන ශිල්පී චන්ද්ර කුමාර කඳනාරච්චි අභාවප්රාප්ත වී ඇත. මහරගම පිළිකා රෝහලේ ප්රතිකාර ලබමින් සිටියදී ඔහු මෙලෙස අභාවප්රාප්ත වී ඇති අතර, මියයන විට චන්ද්රකුමාරගේ 76 වන වියේ පසු විය.
තම මදුර ගී හඬින් රසිකයන් පිනවූ ඔහු පෙම් බැන්ද සිත් බැන්ද, ඇගේ සිනහව තහනම්, ගංගා නදී තීරයේ, ගම මහනුවරයි සහ හිතේ සතුට ජීවිතයේ වැනි ගීත නිර්මාණ හරහා අතිශය ජනාදරයට පත්ව සිටි අතර, 80/90 දශකවලඑළිමහන් ප්රසංග වේදිකාව තුළ යම් වෙනසක් ඇති කළ ගායන ශිල්පියෙකුද වෙයි.
මිය යාමට පෙර ඔහුගේ අවසන් කැමත්ත වී තිබුණේ දේහය පිළිබඳ අවසන් කටයුතු පැය 24ක් තුළ සිදු යුතු බවය. ඒ බැවින් ඔහුගේ පවුලේ සියලු දෙනා චන්ද්රකුමාර කඳනාරච්චිගේ අවසන් කටයුතු දිනයක් තුළ සිදු කරනු ලැබීය.