සදිරගේ වැරදි දුටු නායකයාට කුසල්ගේ වැරදි නොපෙනුණ හැටි
ශ්‍රී ලංකාව හා බංග්ලාදේශය අතර සිල්හෙට්හිදී පැවති පළමු ටෙස්ට් ක්‍රිකට් තරගය ජය ගැනිමෙන් අනතුරුව පසුව පැවැති මාධ්‍ය සාකච්ඡාවට එක්වෙමින් ශ්‍රී ලංකා නායක ධනංජය ද සිල්වා ශ්‍රී ලංකා කණ්ඩායමේ පිතිකරුවන්ගේ දුර්වලතාවක් තිබෙන බවත්, ඊළඟ තරගයට පෙර සියලු අඩුපාඩු හදාගත යුතු බවත් පවසා ඇත.
නායකයෙක් විදියට කණ්ඩායම දැක් වූ දක්ෂතා ගැන සතුටුයි. ඒත්, අපිට හදාගන්න දේවල් ටිකක් තියෙනවා. ඒ දේවල් අනික් තරගයට යන්න කළින් ඉක්මනින්ම හදාගන්න ඕන. විශේෂයෙන් අපේ පිතිකරණයේ පොඩි අඩුපාඩුවක් තිබුණා. මම හිතනවා ඉන්න පිතිකරුවන් ඊළඟ තරගයේදී ඒ අඩුපාඩුව ඇති නොවෙන්න වැඩ කෙරුවොත් මට එච්චර වෙලා ඉන්න ලැබෙන්නේ නැහැ කියලා. කමිඳු මට ලබා දීපු සහයෝගය වටිනවා. ඔහු සෑහෙන්න කාලයක ඉදන් දොරට තට්ටු කර කර හිටියේ ජාතික කණ්ඩායමට එන්න. මම හිතන්නේ එයාට දීපු අවස්ථාවලින් එයා උපරිමය ගත්තා. ඔහු ක්‍රීඩා කළේ සධිරගේ ස්ථානයට. සධිර මේ ටිකේ පිතිකරුවෙක් විදිහට අසාර්ථකයි. ඉතින් අපි හිතනවා සධිර වෙනුවට කමිඳුව ගත්ත එක හොඳ තේරිමක් කියලා.
කෙසේ වෙතත්, හාස්‍යට කරුණ වන්නේ නායක ධනංජයට සදිරගේ තරග කිහිපයක සුළු අසාර්ථකත්වය පෙනුනද කාලයක් තිස්සේ ජාත්‍යන්තර ක්‍රිකට් පිටියේ අසාර්ථක ක්‍රීඩකයෙක්ම මෙන්ම සමාජ මාධ්‍යය තුළ නිතරම හැල්ලුවට ලක්වන කුසල් මෙන්ඩිස්ගේ අසාර්ථකත්වය නොපෙනීම පුදුමය දන්වන්නක් වීමය. ජයග්රාහි ටෙස්ට් තරගයේදීද ඉනිම් දෙකේදීම ඔහු රැස් කරනු ලැබුවේ ලකුණු 19කි.
ජාතික කණ්ඩායමේ අනාගතය කියා හැමදාම හංවඩු ගහන කුසල් මෙන්ඩිස් අවසන් ටෙස්ට් ඉනිම් හත තුළම ඔහුට ලකුණු අසුවක් ලබා ගැනිමට නොහැකි වීමද ඔහුගේ දක්ෂතා වල නියම ප්‍රතිපලයක් ලෙස අපිට දකින්නට හැකිය. අවසන් ටෙස්ට් ඉනිම් හත තුළ ඔහුට කිසිදු අර්ධ ශතකයක් හෝ වාර්තා කිරීමට නොහැකි වු අතර, ලකුණු විස්සකට වඩා එක් ඉනිමක් හෝ ඔහුට නොමැති විම ඔහුට ක්‍රිකට් බලධාරින්, තේරිම් කමිටු නිලධාරින්, ශ්‍රි ලංකා ජ්‍යෙෂ්ඨ ක්‍රීඩකයින්, ප්රවිණ විස්තර විචාරකයින් තබා ඇති විශ්වාසයටද හැල්ලුවක් බව අපට සිතේ.