Uthmirror

දුර්ලභ ලෝක වාර්තා කිහිපයකට දායක වූ කමිඳු හා ධනංජය

දුර්ලභ ලෝක වාර්තා කිහිපයකට දායක වූ කමිඳු හා ධනංජය

ශ්‍රී ලංකාව හා බංග්ලාදේශය අතර සිල්හෙට්හිදී පැවති පළමු ටෙස්ට් තරගයේ ඉනිම් දෙකේදීම ශතක වාර්තා කිරීමට කමිඳු මෙන්ඩිස් හා ධනංජය ද සිල්වා සමත් වු අතර, එය සුවිශේෂී ලෝක වාර්තාවක්ද වෙයි. කමිඳු මෙම තරගයේ ඉනිම් ද්විත්වයේම අංක 07 පිතිකරුවා ලෙස පන්දුවට පහරදීමට පැමිණි අතර, පළමු ඉනිමේදි ලකුණු 102ක් හා දෙවැනි ඉනිමේදී ලකුණු 163ක් ලබාගන්නට ඔහු සමත් විය.

එමෙන්ම අංක හය පිතිකරුවා ලෙස පැමිණි නායක ධනංජය පළමු ඉනිමේදි ලකුණු 102ක් හා දෙවැනි ඉනිමේදී ලකුණු 108ක් රැස් කරන්නට සමත් විය. ජාත්‍යන්තර ටෙස්ට් තරගයකදී අංක 07 හෝ ඉන් පසු පන්දුවට පහරදීමට පැමිණ, ඉනිම් දෙකේදීම ශතක ලබාගත් පළමු ටෙස්ට් පිතිකරුවා වන්නේ කමිඳුය. මෙම තරගයේදී ධනංජයද ශතක රැස්කිරීමට සමත් වූ අතර, එවැනි දස්කමක් ටෙස්ට් තරගයකදී මීට පෙර සිදුව ඇත්තේ අවස්ථා දෙකකදී පමණි. මීට පෙර එම දස්කම දක්වා ඇත්තේ ඔස්ට්‍රේලියානු පිතිකරු යුගලයක් චපල් සහෝදරයන් 1974 වසරේදී නවසීලන්තයට එරෙහිව හා අසර් අලි හා මිස්බා උල් හක් 2014 වසරේදී ඔස්ට්‍රේලිවට එරෙහිවය.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *