ටෙස්ට් තරගාවලියට ක්‍රීඩා කිරීම වනිඳුට තහනම් කරයි
බංග්ලාදේශට එරෙහිව පැවැති තෙවැනි එක්දින තරඟයේ 37 වැනි පන්දුවාරයේදී විනිසුරුගේ තීරණයට එරෙහිව අදහස් දැක්වීම හා ජාත්‍යන්තර ක්‍රිකට් කවුන්සිලයේ ආචාරධර්ම කඩකිරීමට හේතුවෙන් තරඟ ගාස්තුවෙන් සියයට 50 ක දඩයක් හා බංග්ලාදේශය සමගින් තවත් දින කිහිපයකින් ආරම්භ වන ටෙස්ට් තරඟාවලියට ඇතුලත් ටෙස්ට් තරග දෙකම තහනම් කිරීමටද ජාත්‍යන්තර ක්‍රිකට් කවුන්සිලය මේ වනවිට කටයුතු කර ඇත.
එමෙන්ම එක්දින තරගාවලියේදී ශ්‍රී ලංකාවේ නායකත්වය දැරූ නායක කුසල් මෙන්ඩිස්ටද තරඟ ගාස්තුවෙන් සියයට 50 ක දඩ පනවා ඇති අතර ඒ කුසල් මෙන්ඩිස් තරඟය අවසානයේදී විනිසුරු සමඟින් යහපත් කල්ක්රියාවක් පවත්වා නොගැනීම හේතුවෙන් බව සඳහන් වෙයි. ලැබෙන තොරතුරුවලට අනුව වනිඳු හසරංග මෙම ටෙස්ට් තරගාවලියෙන් පසුව නැවතත් ටෙස්ට් තරග සඳහා සිය අවධානය යොමු නොකරන බවද දැන ගැනිමට ලැබේ.