Uthmirror

ලංකාවේ ක්‍රිකට්වල තත්ත්වය පෙන්වා දුන් බංගලියෝ

ලංකාවේ ක්‍රිකට්වල තත්ත්වය පෙන්වා දුන් බංගලියෝ

සංචාරක ශ්‍රී ලංකා ක්‍රිකට් කණ්ඩායම සමග පැවති තරග තුනකින් සමන්විත එක්දින තරගාවලිය තරග 2/1ක් ලෙස ජයගන්නට ප්‍රබල බංග්ලාදේශ කණ්ඩායම සමත් විය. මෙය මේ වසරේ ශ්‍රී ලංකාව පරාජයට පත් වූ පළමු එක්දින තරගාවලියද වීම විශේෂත්වයකි.

තරගාවලියේ පරාජයට හේතු වන්නේ පළමු තරගයේදී මෙන්ම අවසන් තරගයේදීද ශ්‍රී ලංකා මුල්පෙළ පිතිකරුවෝ අසාර්ථක වීම බව සඳහන් කළ හැකිය. එමෙන්ම නායකයෙක් ලෙස කුසල් මෙන්ඩිස් තවමත් ළදරු අවධියේ පසු විමද තවත් අතකින් මෙම තරගාවලිය පරාජයට පත්විමට හේතුවක් වූ බව පැහැදිළිව පෙනෙන්නට ඇත. නායකයෙකු ලෙස ගන්නා තිරණයවල අඩුපාඩු හා වැදගත්කමක් නොමැති වීම නිසා තරග පරාජයට වූ බව පැහැදිළිය.

එක්දින තරගාවලියට නම් කළ ශ්‍රී ලංකා කණ්ඩායම ගැන කිසිවිටක සැහිමට පත් විය නොහැකි අතර, ඊට හොඳම උදාහරණය වන්නේ නම් පළමු පෙළ තරගවලදි කබ්බොන්ට ගසා නිතරම පැමිණෙන අවිශ්ක ප්‍රනාන්ඳු මෙම එක්දින තරගාවලියේදී මුළුමණින්ම අසාර්ථක වීමය. අවිශ්ක වැනි අදක්ෂ ක්‍රීඩකයෝ කිහිප දෙනෙකුම මෙම එක්දින තරගාවලියේදී ශ්‍රී ලංකා කණ්ඩායම වෙනුවෙන් ක්‍රීඩා කරනු දක්නට ලැබුණ අතර, අලුත් තේරිම් කමිටුව තමන්ගේ තේරිම් ඉතා නිවැරදි සිදු කර තිබේදැයි යන්න මින් ප්‍රශ්නාර්ථයක් අපට මතු වෙයි.

මෙවර තරගාවලියේදීද ශ්‍රී ලංකාවේ ජාමේ බේරාගත්තේ පැතුම් නිශ්ශංක, ජනිත් ලියනගේ හා චරිත් අසලංක යන පිතිකරුවන් තිදෙනා පමණය. මින් ජන්ති ලියනගේ ගැන කතා කළ යුතුමය. අවුරුදු ගාණක් කණ්ඩායමේ සිටිමින් තවමත් අත්දැකිම් සොයාන ක්‍රීඩකයින් හා ජනිත්ගේ කෙටි කාලින දක්ෂතා සැසඳිමට තරම් වටින්නේය. එක්දින තරගාවලිය ආරම්භයේදී බංග්ලාදේශ පුහුණුකරු හතුරුසිංහ හා ලංකාවේ සුපිරි දඟ පන්දු යවන්නා ලෙස සමාජ මාධ්‍යය තුළ හඳුන්වන වනිඳු හසරංග අතර ඇති වූ මත ගැටුමද මෙම තරගාවලිය පුරා දකින්නට ලැබුණි.

තුන්වැනි හා තිරණාත්මක අවසන් එක්දින තරගයේදි වනිඳු හසරංග යනු කුමන විදිහේ ලෝක පූජිත පන්දු යවන්නෙකුද යන්න ලෝකයා හමුවේ ඔප්පු කළේ ඔහු යැවු පන්දුවාර නමයට ප්‍රතිවාදින් ලකුණු 64ක් බංග්ලාදේශ පිතිකරුවන් ලබා ගැනිමය. එමෙන්ම අවසන් පන්දුවාරයට අවසන් පෙළ පිතිකරුවෙකු වූ රිශාඩ් හුසෙන් දැවැන්ත හයේ පහර දෙකක් හා හතරේ පහර තුනක් පිට පිට එල්ල කරමින් වනිඳුගේ අවසන් පන්දුවාරයට ලකුණු 23ක් ලබාගත්තේය.

බංග්ලාදේශ ක්‍රිකට් කණ්ඩායම ලංකාවේ වර්තමාන ක්‍රිකට්වල තත්ත්වය නියම ලෙස පෙන්වා දුන් තරගාවලියක් බව මෙය පෙන්වා දිය හැකිය. සිම්බාබ්වේ හා ඇෆ්ගනිස්තානු කණ්ඩායම්වලට එරෙහිව එක්දින තරගාවලි ජයගනිමින් විරයන් ලෙස සමාජ මාධ්‍යය පුම්බා තැබු ශ්‍රී ලංකා කණ්ඩායම බංග්ලාදේශය හමුවේ මේ ලැබු පරාජයත් සමග කබලෙන් ලිපට වැටි ඇති තත්ත්වයක සිටින්නේය. හොඳ හොඳ සෙල්ලම් එළිවෙන ජාමේට කියන්නාක් මෙන් ජුනි ජුලි මාසවලදි පැවැත්වෙන එක්දින තරගාවලි වලදී ශ්‍රී ලංකා කණ්ඩායමට අත්වෙන ඉරණම දැන් සක්සුදක් සේ අපට පැහැදිළි වන්නේය.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *