Uthmirror

විනය විරෝදි සිදුවීමක් නිසා කණ්ඩායමට ආපු දක්ෂයෝ දෙන්නා

විනය විරෝදි සිදුවීමක් නිසා කණ්ඩායමට ආපු දක්ෂයෝ දෙන්නා

බංග්ලාදේශය හා ශ්‍රී ලංකාව අතර පැවති තරග තුනකින් සමන්විත එක්දින තරගාවලියේ දෙවැනි තරගය අතිවිශිෂ්ට ජයග්‍රහණයක් වාර්තා කරන්නට ශ්‍රී ලංකා කණ්ඩායම සමත් විය. ජයග්‍රහණයේ ප්‍රධාන නියමුවන් වූයේ ආරම්භක පිතිකරු පැතුම් නිශ්ශංක හා මැදපෙළ පිතිකරු චරිත අසලංක දෙදෙනාය.


2021 වසරේ ජුනි මාසයේ සිට අද වනතුරු ශ්‍රී ලංකා කණ්ඩායම වෙනුවෙන් ජාත්‍යන්තර එක්දින ක්‍රිකට් පිටියේ වැඩිම ලකුණු ප්‍රමාණයක් රැස් කර ඇත්තේ පැතුම් හා චරිත් දෙදෙනාය. පැතුම් මේ කාල සීමාව තුළ එක්දින ඉනිම් 48කදි ලකුණු 2154ක් රැස් කර ඇත්තේ සාමාන්‍ය 50.09ක් අගයක් රඳවා ගනිමින්. විශේෂත්වය වන්නේ ඔහු මේ තරග ප්‍රමාණය තුළ ශතක 6ක් හා අර්ධ ශතක 13ක් සිය ලකුණු මල්ලට එකතු කර ගෙන තිබීම.


පැතුම් එසේ දක්ෂතා දක්වද්දි චරිත අසලංක මේ කාලය තුළ එක්දින ඉනිම් 58කදී ලකුණු 1881ක් රැස් කරගෙන ඇත්තේ 44.78ක සාමාන්‍යයක් පවත්වා ගනිමින්. ඔහුත් සිය ලකුණු මල්ලට මේ කාලය තුළදී ශතක 3ක් හා අර්ධ ශතක 13ක් රැස් කරගන්නා සමත්වෙලා තිබීම කැපී පෙනෙන්නකි.


පැතුම් හා අසලංක කණ්ඩායමට එකතු වුණ හැටි කාටත් අමතක නැතුව ඇති. 2021 වසරේ ජුනි 24 වැනිදා එංගලන්ත සංචාරයේ පැවති පන්දුවාර විස්සයි 20 තරඟාවලිය අවසන් භාගයේදී කොව්ඩි වසංගතය නිසාවෙන් පනවා තිබුණ ජව්‍ය බුබුළෙන් අනවසරයෙන් පිට වෙලා එංගලන්තයේ ඩර්හැම් වීදියක වර්තමාන නායක කුසල් මෙන්ඩිස්, නිරෝෂන් දික්වැල්ල වගේම ධනිෂ්ක ගුණතිලක දුම්වැටි පානය කරමින් ඉබාගාතෙ ඇවිදිද්දි එංගලන්තයේ වෙසෙන ලාංකිකයෙකු කළ හෙළිදරව්වක් නිසා.


විශාල වරදක් ලෙස පෙනුණ නිසාම ශ්‍රි ලංකා ක්‍රිකට් බලධාරින් කුසල්, ඩනිෂ්ක හා නිරෝෂන් හදිසියේම ලංකාවට ගෙන්වා ගනිමින් ඔවුන්ට තරග තහනමක් පැනවු අතර, ඔවුන් වෙනුවෙන් එක් කරනු ලැබුවේ පැතුම් හා අසලංක දෙදෙනාය. මන්දයත් දෙරට අතර එක්දින තරගාවලිය ආරම්භ වීමට නියමිතව තිබුණේ ඒ සිදුවිමෙන් පසුව වීම නිසාවෙනි.


එදා සිට අද දක්වාම ශ්‍රී ලංකා කණ්ඩායමේ කොඳු නාරටිය පත්ව ඇත්තේ මෙම තරග තහනමක් නිසා අහම්බෙන් ශ්‍රී ලංකා කණ්ඩායමට එකතු වුණ චරිත හා පැතුම් දෙදෙනා. එහෙම සිදුවිමක් නොවන්න අදත් පැතුම් හා අසලංක දෙදෙනා දේශිය පිටියට පමණක් සීමා වෙලා තමන්ගේ ක්‍රිකට් ජිවිතය ගෙවා දමමින් සිටිනවා නොඅනුමානය.


විනයක් නැති, කැපවීමක් නැති, වගකීමක් නැති පරඬැල් වගේ ඉන්න ක්‍රිඩකයෝ ඉවත් කොට අලුතින් එන මේ වගේ දක්ෂ ක්‍රීඩකයින්ට තැන හදලා දෙන්න ඕනා මෙන්න මේ උදහරණය නිසයි. තවමත් ළහිරු කුමාර, කුසල් මෙන්ඩිස්, අවිශ්ක ප්‍රනාන්ඳු වැනි අදක්ෂයෝ කණ්ඩායමේ රඳවාගෙන මේ අහිමි කරන්නේ ලංකාවේ සිටින දක්ෂ ක්‍රීඩකයින්ගේ අනාගතය නේදැයි අපට සිතේ.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *