මහේෂිගෙන් රෙනෝ බිලියන විස්සක වන්දියක් ඉල්ලයි
ලංකාවේ ජනප්‍රියතම මාධ්‍ය ජාලයක ප්‍රධානියෙකු වන රේනෝ ද සිල්වා මහතා විසින් රංගන ශිල්පිණි මහේෂි මධුසංකාට එන්තරාවාසියක් යොමු කර ඇති බවට තොරතුරු වාර්තා වෙයි. ඔහු මෙලෙස එන්තරාවාසියක් මධුසංකාට යොමුකර ඇත්තේ, අදාල මාධ්‍ය ආයතනයට හා එහි සභාපති වන තමන්ට අපහාස කරමින් සමාජ ජාල ඔස්සේ ප්‍රකාශ සිදු කිරීම හේතුවෙනි.
ඒ අනුව ඔහු විසින් රුපියල් බිලියන දහයක් බැගින් බිලියන 20ක වන්දියක් ඉල්ලමින් මෙම එන්තරවාසිය මහේෂි මධුසංකාට එරෙහිව ගොනු කර තිබේ. නියම කරන ලද දින ගණන ඇතුළත මෙම මුදල නොගෙවන්නේ නම් අධිකරණය හමුවේ නඩු පවරන බවත් රෙනේ ද සිල්වා මහතා වෙනුවෙන් පෙනී සිටින නීතිඥවරුන් විසින් දැනුම් දී ඇති බවට ආරංචි මාර්ග සඳහන් කර සිටියි.