දුරස් වෙන ඔබේ සැමියා ළං කරගන්න මෙන්න විසඳුමක්
ඔබේ සැමියා ඉස්සර වගේ දැන් සෙක්ස් කරන්නෙ නැද්ද? එයාගෙ සෙක්ස්වලට තියෙන කැමැත්ත ආසාව දැන් එක අඩු වෙලා කියලා ඔයාට දැනෙනවද? එයා ඔයාගෙන් දුරස් නොවී ළඟම තියාගන්නෙ කොහොමද කියලා අද අපි කරමු.
මුලින්ම ඔබේ සැමියා එක්ක මේ ගැන කතා කරන්න. ඕනා දෙයක් කතා කරලා විසඳගන්න පුළුවන් නේ. ඉතින් සැමියා ඉස්සර වගේ ඔයා ළඟට එන්නෙ නැත්නම් මුලින් ම කරන්න ඕනෙ ඒ ගැන කතා කරන එක. හැබැයි ඉතින් මේක හරි ආදරයෙන් අහන්න ඕනා දෙයක් කියලා මුලින්ම මතක තියාගන්න. මුලින්ම ඔයාම මේ ගැන එයාගෙන් අහන්න. එතකොට ප්‍රශ්නේට හේතුව මෙතැනින්ම එළියට එන්න පුළුවන්.
තව එකක් සමහර විටක කාලෙත් එක්ක, වයසට යනවත් එක්ක එක එක අසනීප, හෝමෝන වෙනස් වීම්වලට අපි ලක් වෙනවා. මේ හේතුව නිසා ලිංගික හැඟීම් අඩු වෙන්න පුළුවන් කියලත් හිතෙනවා. ඉතින් වෛද්‍යවරයෙක් හම්බෙලා පොඩ්ඩක් ඒ සම්බන්ධව කතා කරන්න. හැබැයි සැමියාගේ කැමැත්ත ඇතිව මේ දේවල්වලට ඉදිරිපත් වෙනවා නම් හොඳයි.
ඔයාලා හැම වෙලාවෙම සෙක්ස් කරන්නෙ එකම තැනක නම්, තැන පොඩ්ඩක් වෙනස් කරන්න. එක එක ඉරියව් උත්සහ කරලා බලන්න. ඒ වගේම තමයි හැමදාම සෙක්ස් කරන්න මූලික වෙන්නෙ සැමියා නම් ඔන්න ඔයාගෙ වෙලාව. සෙක්ස් කරන්න පටන් ගන්න ඕන පිරිමියා කියලා එකක් නෑ. ඔයාට පුළුවන් පටන් ගන්න.
ගොඩක් වෙලාවට මේ දේ නම් වෙනවා. සැමියා ආස දේවල් තියෙනවා. ඒ දේවල්වලට මුලීකත්වය දෙන්න ඔයා අකමැති නම් ඉතින් එයාට සෙක්ස්වලට තියෙන ආසාව අඩු වෙන්නත් පුළුවන්. උදාහරණයක් තමයි ගුද සංසර්ගය. ගොඩක් පිරිමි කැමතියි ගුද සංසර්ගයට. හැබැයි ඉතින් කාන්තාවන් නම් ගොඩක් වෙලාවට ඒ පැත්තට යන්න අකමැති. පොඩ්ඩක් සැමියා වෙනුවෙන් උත්සාහයක් කරන්න. ඒ වගේ ඔහු කැමති දේවල්වලට ඔබ යම් යම් සීමාවන් පනවාගෙන ඉන්නවා නම් ඒවා පොඩ්ඩක් ලිහිල් කළත් මේ වෙලාවේදි කමක් නැහැ.