කවුරුත් ආදරය කරපු කැංග්ෆු පැන්ඩා ආයෙත් ඇවිල්ලා
‘කුන්ග් ෆු පැන්ඩා’ කියන්නේ ඇනිමේෂන් චිත්‍රපට මාලාවන් අතර ජනප්‍රිය චිත්‍රපට මාලාවක් වගේම බොක්ස් ඔෆිස් වාර්තා තබපු චිත්‍රපට මාලාවක්. 2008 වසරේ තිරගත වූ පළමු ‘කුන්ග් ෆු පැන්ඩා’ චිත්‍රපටයේ සාර්ථකත්වය නිසාම දෙවන සහ තෙවන ‘කුන්ග් ෆු පැන්ඩා’ චිත්‍රපට පිළිවෙළින් 2011 වසරේ සහ 2016 වසරවලදි තිරගත වුණා.
පළමු චිත්‍රපටය තුන විසින් ලබාගත් මුළු බොක්ස් ඔෆිස් ආදායමෙහි එකතුව ඇමරිකානු ඩොලර් බිලියන 1.823කි. වසර නවයකට පසුව නැවතත් ‘කුන්ග් ෆු පැන්ඩා’ පැමිණෙන්නේ ඇනිමේෂන් චිත්‍රපට නරඹන්නනට බලාපොරොත්තු ගෙන දෙමින්. 2023 දෙසැම්බර් 13 දින නිකුත් කළ ‘කුන්ග් ෆු පැන්ඩා’ පළමු ප්‍රචාරකපටය සියලු සමාජ මාධ්‍ය හරහා පළමු පැය 24 තුළ මිලියන 142 කට අධික වාර ගණනක් නරඹලා තියෙනවා. එය යුනිවර්සල් සමාගම විසින් එතෙක් මෙතෙක් නිර්මාණය කළ ඇනිමෙිෂන් චිත්‍රපටවලින් වැඩිම වාරගණනක් නැරඹු ඇනිමේෂන් චිත්‍රපට ප්රචාරක පටයද වෙයි.
පසුගිය මාර්තු 08 වැනිදා සිට තිරගත වූ ‘කුන්ග් ෆු පැන්ඩා 4’ චිත්‍රපටය අධ්‍යක්ෂණය කරන්නේ මයික් මිචෙල් විසිනි. චිත්‍රපටයේ ප්‍රධාන චරිතය වන ‘පෝ’ නමැති යෝධ කුන්ග් ෆු පැන්ඩාගේ වික්‍රමාන්විත නැවතත් දැකබලාගන්නට ලැබෙන්නේ ඔහුට එදිරිව සිටින සියළුම සතුරන් පරාජයට පත් කිරිමේ අරමුණු ඇතිවයි. ඇමරිකානු ඩොලර් මිලියන 85ක වියදමින් ‘කුන්ග් ෆු පැන්ඩා 4’ නිෂ්පාදනය කරන්නේ ‘ඩ්රීමිවර්ක්ස් ඇනිමේෂන්’ සමාගම විසිනි.
ලොව පුරා බෙදා හැරීම සිදු කරන්නේ ‘යුනිවර්සල් ස්ටුඩියෝ’ සමාගම විසිනි. චිත්‍රපටයේ පසුබිමි සංගීතය සිදු කර ඇත්තේ ජනප්‍රිය ගණයේ සංගීත අධ්යක්ෂවරයකු වන ‘හාන්ස් සීමර්’ විසිනි. චිත්‍රපට අධ්යක්ෂ ‘මයික් මිචෙල්’ ප්‍රකාශ කළේ ‘කුන්ග් ෆු පැන්ඩා’ චිත්‍රපට මාලවෙි පස්වැනි සහ හයවැනි චිත්‍රපට දක්වා නිර්මාණය කිරීමට දැනටමත් සැලසුමි කර ඇති බවයි. මාෂල් ආටිස් සටන්වලින් පිරී ‘කුන්ග් ෆු පැන්ඩා 4’ චිත්‍රපටය හරහා ‘පෝ’ යෝධ පැන්ඩාගේ වික්‍රමයන් දැක බලාගන්නට ලැබෙනවා නොඅනුමානයි.
මලින්ත විතානගේ