නිරුවතින් ඔස්කාර් සම්මාන උළෙලට ආපු ජෝන් සීනා
ඇමරිකාවේ ලොස් ඇන්ජලීස් හිදි පැවති මෙවර ඇකඩමි සම්මාන උළෙල හෙවත් ඔස්කා සම්මාන උළෙලේ හොඳම ඇඳුම් නිර්මාණය සඳහා නිර්මාණ ශිල්පී හොලි වැඩින්ටන් පූර් තිංග්ස් චිත්‍රපටය වෙනුවෙන් සම්මාන දිනාගන්නට සමත් විය. මෙම ජයග්රාහකයාගේ නම සඳහන් කිරීමට භාරව තිබුණේ හිටපු සුප්‍රසිද්ධ විනෝදාත්ම මල්ලවපොර ශූරයෙකු වන වර්තමානයේ හොලිවුඩයේ වඩාත් ආදරය කරන ක්‍රියාදාම නළුවෙකු වූ ජෝන් සීනා ටය.
හොඳම ඇඳුම් නිර්මාණය සඳහා වන හිමි සම්මානය නම් ප්‍රකාශ කර ඔහුට සම්මාන පිරිනමන්නට සීනා වේදිකාවට පැමිණ සිටියේ සිය රහස් අවයව පමණක් වැසෙන්නට පමණක් ඇඳුමක් ඇඳගෙනය. ඔහු අතේ තිබුණ දිග ලියුම් කවරයකින් ඔහුගේ රහස් අවයවය පමණක් වසාගෙන සිටි අතර කීර්තිමත් උත්සවයේ වේදිකාව මත පෙනී සිටියේ සම්පූර්ණයෙන්ම පාහේ නිරුවතින් වීම කාගෙත් අවධානයට ලක් වූ කාරණයක්ව තිබුණි.
පසුව සම්මානය ගැන කියවන විට අවට අය උදව් කර ඔහුගේ සිරුර වැසූ අතර ඔහු එයට අනුකූල විය. කෙසේ වෙතත් මෙම හැසිරීම සම්මාන උළෙලේ විනය කඩවීමක් ලෙස සලකන්නට බැරි බව සංවිධායකයන් මාධ්‍යයට මේ වනවිට පෙන්වා දී තිබේ.
මලින්ත විතානගේ