නපුරු දේශයේ ඇමරිකාව අත පොවන රහසිගත මෙහෙයුම
ඇමරිකාව කියන්නේ යුද්ධ කරන්න, රටවල් බලහත්කාරයෙන් අල්ලගන්න, රටවල් අස්ථාවර කරන්න, රහසිගත මෙහෙයුමි කරන්න උපන් හපන් දේශයක් කියන්න අමුතුවෙන් අවශ්‍ය නෑ. ඒ අතර ඇමරිකාව කරන විවිධ යුධ මෙහෙයුමි පාදක කරගෙන වසරකට සෑහෙන්න ප්‍රමාණයක් හොලිවුඩ් චිත්‍රපට නිර්මාණය වෙනවා. Thriller – Action ශානරය යටතේ 2024 වසරේ නිර්මාණය වුනු අලුත්ම හොලිවුඩි චිත්‍රපටය වෙන්නේ ‘Land Of Bad’ චිත්‍රපටය. චිත්‍රපටයේ කතාව බවට පත්වන්නේ ඇමරිකානු ගුවන් හමුදාව සහ ඩෙල්ටා කමාන්ඩෝ බලකායක් විසින් පිලිපීනයේ සිටින ත්‍රස්තවාදී කණ්ඩායමක් වෙත දියත් කරන රහසිතගත මෙහෙයුමක් වටායි.
මේ මෙහෙයුම තුළ ප්‍රධාන ඉලක්කය වන්නේ ඇමරිකානු CIA ඔත්තුකරුවකු බෙිරා ගැනීමයි. මෙම අසීරු මෙහෙයුම සිදු කරන ‘ප්ලේබෝයි’ නමැති කමාන්ඩෝවරයා ඇතුළු සිවි දෙනකු විසින් දකුණු පිලිපීනයේ ත්‍රස්තවාදී සිර කඳුවුරක් වෙත පැමිණෙන අතර ඔවුන්ට නොසිතූ පරිදි ප්‍රහාර මාලාවක් වෙත මුහුණ දීමට සිදු වෙයි. කමාන්ඩෝ භටයන්ට සහය වන ඩ්‍රෝන යානා මෙහෙයුමි භාර නිළධාරී ‘රීපර්’ විසින් මෙම ඉලක්කය සපුරා ගන්නට සහය වෙයි. ගුවනින් සහ ගොඩබිමින් සිදු කරන මෙම අසීරු මෙහෙයුම පිළිබඳ කුතුහලයක් සහිත සිදුවීමි මාලාවකින් යුතුව ‘ලෑන්ඩි ඔෆ් බෑඩි’ චිත්‍රපටයේ කතාව ගෙතෙනවා.
‘ලෑන්ඩි ඔෆ් බෑඩි’ අධ්‍යක්ෂණය කරන්නේ ‘William Eubank’ නමැති ප්‍රවීණ අධ්යක්ෂවරයා විසිනි. ‘ලෑන්ඩ් ඔෆ් බෑඩි’ චිත්‍රපටයේ හොලිවුඩයේ සුප්‍රකට නළුවන් කිහිපදෙනකු දායක වීම කැපී පෙනෙනවා. ඒ අතර හොලිවුඩයේ ප්‍රවීණ සහ සමිමානනීය නළුවකු වන රසල් ක්‍රෝ විසින් ඩ්‍රෝ යානා මෙහෙයුමිභාර නිළධාරියා වන ‘රීපර්’ චරිතය සඳහා පණ පොවනවා. ‘රසල් ක්‍රෝට’ අමතරව රංගනයෙන් ‘ලියැමි හෙමිස්වර්ත්’ සහ ‘ලුක් හෙම්ස්වර්ත්’ සහෝදරයන් දෙපළ විසින් දායකත්වය ලබා දෙයි.
විචාරකයන් විසින් ‘ලෑන්ඩි ඔෆ් බෑඩි’ චිත්‍රපටය කදිම ක්‍රියාදාම දර්ශන සපිරි හොඳ යුධ චිත්‍රපටයක් ලෙස හඳුන්වා දි තිබේ. සැබැවින්ම ‘ලෑන්ඩ් ඔෆ් බෑඩ්’ කිසිදු කම්මැළිකමින් තොරව එක දිගට රිද්මයකින් යුතුව ගලා යන අනවශ්‍ය කතන්දර නොමැති හොඳ චිත්‍රපටයකි. නොනවතින ක්‍රියාදාම සපිරි පැය දෙකක් පුරාවට දිවෙන ‘ලෑන්ඩි ඔෆ් බෑඩ්’ චිත්‍රපටය ඇඩ්රිනලීන් නහවන කදිම ක්‍රියාදාම චිත්‍රපටයක් ලෙස නරඹන්නට හැකිය.
මලින්ත විතානගේ