කවුරුත් ආදරය කළ සොෆියා ලියෝන් මිය යයි
ලෝකයක් ආදරය කළ තවත් වැඩිහිටි සිනමා නිළියක් මීට දින කිහිපයකට පෙර ජිවිතක්ෂයට පත්විය. ඒ 26 වැනි වියෙහි පසු වු සුරූපි සොෆියා ලියෝන්ය. සොෆියාගේ මරණය, මේ වසර තුළ වැඩිහිටි සිනමා කර්මාන්තය තුළ සිදුවූ සිව්වන මරණය වෙයි. ඇයට පෙර මේ වසරේදී ලීන් කාටර්, ජෙසී ජෙනි, ටයිනා ෆිඩෙල්ස් ජිවිතක්ෂයට පත්වූ අනෙකුත් වැඩිහිටි සිනමා නිළියන් වෙයි.
දින දෙකක් තුළ සිය සුළුපියා විසින් ලබාදුන් කිසිම දුරකථන ඇමතුමකට සොෆියා ප්‍රතිචාර නොදැක්වීම නිසා ඇති වුණු සැකය මත, ඇය පදිංචි වී සිටි මහල් නිවාසය පරීක්ෂා කිරීමේදී සොෆියාගේ මිය ගිය සිරුර දකින්නට ලැබී තිබේ. වෛද්‍ය වාර්තාවලට අනුව මෘත ශරීරය සොයාගන්නා විට මරණය සිදුවී දින 02කට කාලයක් ගත වී ඇති බවට අනුමාන වී තිබේ.
දැනට කළ පරික්ෂණවලට අනුව සැක පළ කරන්නේ මෙය සියදිවි නසා ගැනීමක් හෝ සීමාව ඉක්මවා මත්ද්‍රව්‍ය භාවිතය නිසා සිදුවූ මරණයක් බවටයි. කෙසේ වෙතත්, මෙය කිසිවෙකු විසින් සිදුකළ මිනීමැරුමක් බවට තමන් අනුමාන කරන බව කාලයක් තිස්සේ සොෆියාගේ නියෝජිතයා ලෙස කටයුතු කරන පුද්ගලයා පොලිසියට පවසා ඇත.