මතිෂ පතිරණ අයි. පි. එල්. එයිද, දෝණි දෙගෙඩියාවෙන්
බංග්ලාදේශය සමග පැවැති දෙවන විස්සයි විස්ස තරඟය අතරතුරදී ආබාධයකට ලක්වූ මතීශ පතිරණ දෙරට අතර පැවති තුන්වැනි විස්සයි 20 තරගයෙන් ඉවත් කර තිබුණි. කලවා ප්‍රදේශයේ යටි කොටසේ ඇතිවූ ආබාධිත තත්ත්වයක් හේතුවෙන් ඔහු මෙසේ මෙම තරගයට ක්‍රීඩා නොකළ බව ශ්‍රී ලංකා ක්‍රිකට් වාර්තා කර තිබුණි.
ආබාධ තත්ත්වය කෙතරම් විශාලද යන්න තවමත් නිශ්චිතව වාර්තා නොවන අතර, වෛද්‍ය වාර්තා සඳහන් කර සිටින්නේ ඔහුට සති කිහිපයක් විවේකිව සිටිය යුතු බවය. මතිෂ මෙවර ඉන්දීය ප්‍රීමියර් ලීග් තරගාවලියේදි සුපිරි ඉන්දීය නායක මහේන්ද්‍ර සිං දෝණි මෙහෙය වන චෙන්නායි සුපර් කිංග්ස් කණ්ඩායමට ක්‍රීඩා කිරීමට නියමිතව ඇත.
මෙම ආබාධය සති කිහිපයක් දුරට පැවතුණොත් ඔහුට ඉන්දීය ප්‍රීමියර් ලීග් තරගාවලියේ මුල් තරග කිහිපයක් අහිමිවිමේ අවධානයක් ඇති බව පෙනෙන්නට ඇත. මන්දයත් මෙවර ඉන්දීය ප්‍රීමියර් ලිග් තරගාවලිය මාර්තු අවසන් සතියේදී ආරම්භ වීමට නියමිතව තිබීම හේතුවෙනි.