තුන්වැනි වතාවටත් විස්සයි 20 ශූරතාවයක් ශ්රී ලංකාවට
පිට පිට මේ වසරේ තුන්වැනි වතාවටත් පන්දුවාර විස්සයි 20 තරගාවලියක් ජය ගැනීමට ශ්රී ලංකා කණ්ඩායම සමත් විය. ඒ සත්කාරක බංග්ලාදේශ කණ්ඩායමට එරෙහිව. තරග තුනකින් සමන්විත මෙම තරගාවලියේ පළමු තරගය ශ්රී ලංකාව ජයගත්තද දෙවැනි තරගයේ ජය හිමිවුයේ සත්කාරකයින්ටය.
තිරණාත්මක තුන්වැනි විස්සයි 20 තරගයේදී නැවත වරක් ශ්රී ලංකාව ජයගනිමින් තරගාවලියේ ශූරතාවයට හිමිකම් කීමට සමත් විය. මෙම විස්සයි 20 ශූරතා ජය ලබන්නම පෙර ශ්රී ලංකා කණ්ඩායම මේ වසරේ සීම්බාබ්වේ හා ඇෆ්ගනිස්තානු කණ්ඩායම්වලටද එරෙහිවද විස්සයි 20 ශූරතා ජයග්රහණ කර තිබුණි.
මෙම තරගාවලියේ කැපී පෙණුන සිදුවීම නම් කාලයකට පසු කුසල් මෙන්ඩිස් ලකුණු අතරට පැමිණිමය. ඔහු තරගාවලිය පුරා ලකුණු අතර සිටිමින් තරගාවලියේ වැඩිම ලබාගත් පිතිකරු ලැයිස්තුවේ පෙරමුණ ගැනිමට සමත් විය. විස්සයි 20 තරගයෙන් පසුව ශ්රී ලංකාව තවත් දින කිහිපයකින් බංග්ලාදේශ කණ්ඩායම සමගින් තරග තුනකින් සමන්විත් එක්දින තරගාවලියකට ක්රීඩා කිරීමට නියමිතය.