දිවි ගමනට සමුදුන් ප්රවිණ රංගන ශිල්පිනි රම්‍යා
ජනප්‍රිය ටෙලි නාට්‍යය, වේදිකා හා සිනමා නිර්මාණ රැසක් ඔස්සේ ඔබ දුටු රම්‍යා වනිගසේකර මහත්මිය අභාවප්‍රාප්ත් වී ඇත. මිය යන විට ඇය 86 වැනි වියෙහි පසුවිය. රම්‍යා මාධ්‍යවේදිනියක් මෙන්ම ශ්‍රී ලංකා ගුවන් විඳුලි සංස්ථාවේ ජනප්‍රිය ප්රවෘත්ති නිවේදිකාවක් ලෙසද කටයුතු කර තිබුණි.
කාලයක් තිස්සේ අසනීප තත්ත්වයෙන් පසුවු රම්‍යා මහත්මිය කොළඹ ජාතික රෝහලේ ප්‍රතිකාර ලබමින් සිටින මොහොතක මෙසේ අභාවප්ප්රාප්ත් වී ඇති බවට තොරතුරු වාර්තා වෙයි. ඇය කොටියාකුඹුර ප්‍රදේශයේ උපන් කෙනෙක්ද වෙයි. එමෙන්ම රම්‍යා මහත්මිය 1987 වසරේ සිට 2006 වසර දක්වා ශ්‍රී ලංකා ගුවන් විදුලි සංස්ථාවේ ප්‍රධාන ප්රවෘත්ති නිවේදිකාව ලෙසද කටයුතු කරනු ලැබිය.