ලංකාවේ ජයග්‍රහණයට විනිසුරුගේ තිරණය බලපැවද
සංචාරක ශ්‍රී ලංකා කණ්ඩායම හා බංග්ලාදේශ කණ්ඩායම අතර පැවැති තිරණාත්ම දෙවැනි පන්දුවාර විස්සයි 20 ක්‍රිකට් තරගයෙන් කඩුලු අටක ජයක් ලබන්නට බංග්ලාදේශ කණ්ඩායම සමත් විය. තෙවැනි විනිසුරු බංග්ලාදේශ පිතිකරුවන් පන්දුවට පහරදෙද්දි දුන් මතභේදාත්මක තින්දුව නිසාවෙන් ශ්‍රී ලංකා කණ්ඩායම මෙම තරගයේදී යම් පසුබෑමකට ලක්වූ බව බොහෝ දෙනෙකුගේ අදහස වී ඇත.
බංග්ලාදේශ ඉනිමේ යැවූ සිවුවැනි පන්දුවාරයේදී පළමු කඩුල්ල ලකුණු 28දී දවා ගැනීමට තිබූ අවස්ථාව ශ්‍රී ලංකා කණ්ඩායමට අහිමි විය. බිනුර ප්‍රනාන්දුගේ පළමු පන්දුවෙන් කඩුලු රකින ක්‍රිඩක කුසල් මෙන්ඩිස් අතට උඩ පන්දුවක් ලබාදිම හේතුවෙන් සෞම්‍ය සර්කාර් දැවී ගිය බවට ප්‍රධාන ප්‍රකාශ කළේය. එහෙත්, සර්කාර් එම තිරණයෙන් සැහිමට පත්නොවූ අතර, ඔහු එය තෙවැනි විනිසුරුවරයාට යොමු කළේය.
එහිදී පන්දුව පිත්ත පසු කිරීමත් සමඟ ශබ්ද තරංගයක් පුවරූපනවල දී දැක ගත හැකි වුවත් තෙවැනි විනිසුරු විසින් එය දැවී යෑමක් නොවන බවට තීරණය කළේය. එම තීන්දුවට ශ්‍රී ලංකා ක්‍රීඩකයන් දැඩි විරෝධයක් එල්ල කළ අතර, එය මේ වනවිට බොහෝ දෙනෙකුගේ කතාබහට ලක්වූ කාරණයක්ද වී ඇත.
ඇත්තෙන්ම එම තිරණය නිසා ශ්‍රී ලංකාව පරාජයට පත් වුවාද. ලංකාවේ සමාජ මාධ්‍යය හසුරවන්නන්ට අනුව එය එසේය. නමුත්, මෙවැනි තිරණයක් නිසා ක්‍රිකට් තරග පරාජයට පත්වු බව කිම හාස්‍යමය කරුණකි. තරගයේ තිරණය වන්නේ එදින කණ්ඩායමක් පෙන්වන දක්ෂතා අනුව මිසක තිරණයක් අනුව නොවන බව කිව යුත්තක්. ශ්‍රී ලංකා ඉනිමේ මුල් පන්දුවාර තුන දෙස අවධානය යොමු කළහොත් ඔබට දැකගත හැකි වන්නේ අඩු ලකුණු ප්රමාණයකි. කමිඳු මෙන්ඩිස් පැමිණ අතදිග හැර පහරවල් කිහිපයක් එල්ල නොකරන්න ශ්‍රි ලංකා ඉනිම තිබුණේ අසිරූ කඩඉමකය.
පසුව කුසල් මෙන්ඩිස්, චරිත් අසලංක ප්රවේගකාරි වුවද ශ්‍රී ලංකාවට අදාල ලකුණු කඩඉමට පැමිණිමට නොහැකි විය. තේරුම ගත යුත්තේ පළමු තරගයේදී ශ්‍රී ලංකා කණ්ඩායම රැස් කළ ලකුණු 210 ආසන්නයට හඹායන්නට සමත් වු බංග්ලාදේශ පිතිකරුවන්ට මේ තරගයේදි ලබාගත් ලකුණු 166 ප්‍රමාණවත්ද යන්නය. තරගය පරාජය වීමට එක් ප්‍රධාන හේතුවකි.
තරගයක වැරදි තින්දුවක් ලැබුණ විටම කණ්ඩායම කඩා වැටිම අවුරුදු ගාණක් කණ්ඩායමේ සිටි ක්‍රීඩකයින්ගේ අත්දැකිම් පිළිබඳව මනාවට පැහැදිළි වන්නේය. ක්‍රිකට් ක්‍රීඩාවේ මහත්මා ගුණය ගැන කතා කරනවා නම් නවසිලන්තයේ නායක කේන් විලියම්සන් මෙවැනි සිදුවිම්වලට මුහුණ දුන් ප්‍රමාණය කොතැක්දැයි සිතාගත නොහැකිය. කවදාවත් ඔහු ක්‍රිකට්වලට හානිදායක තිරණයකට එළැඹුනේ නැත. ඔහු රැක්කේ තම කණ්ඩායමේ අභිමානයය.
දෙරටක් අතර නොවන තරගයක් වූ 2019 ලෝක කුසලාන එක්දින තරගාවලියේදි අවසන් පන්දුවේදි ස්ටොක්ගේ පිත්තේ වැදුණ පන්දුව හතර සිමාව කරා ගිය මොහොතේදී ඔහුට විනිසුරුවන් සමග බහින් බස්වි තමාට සිදුවු අසාධාරණය ගැන කැ ගසා ප්‍රතිචාර දක්වන්න තිබුණි. එහෙත්, ඔහු එය සිනහාවක් මුසු වූ කඳුළුකින් සිය තිරණය විසඳාගත්තේය.
සෑබැ ක්‍රිකට් වන්නේ එය බව දේශිය ක්‍රිකට් ලෝලීන් මෙන්ම යූ ටියුබ් හා ෆේස්බුක් ක්‍රිකට් ඔස්තාර්ලා නොදැන සිටිම කණගාටුවට කරුණකි. විකුණාගන්නට ක්‍රම නැතුවා සේ ඔවුන්ගේ අභිමතය වන්නේ තමන්ගේ රට තමන්ගේ ක්‍රීඩකයින්ට එරෙහිව වන ඕනෑම දෙයක් අමු අමුවේ ප්‍රසිද්ධ කිරීමය. ලංකාවේ දැන් ක්‍රිකට් නැත. ඇත්තේ පිරිසක් ඔහේ ලංකාවේ ක්‍රිකට් ගැන උදම් අනමින් සිටිම පමණය.