රොබෝ කෙල්ලෙක්ට පිස්සු වැටුණ කඩවසම් තරුණයෙක්
තෙරේ බාටන් මේන් අයිෂා උල්ජා ජියා කියන්නේ බොලිවුඩයට සමගාමිව ලොව පුරා මේ දිනවල අති සාර්ථක තිරගත වෙන අලුත්ම බොලිවුඩ් චිත්‍රපටයක්. බොලිවුඩයේ කඩවසමි නළුවකු වන ෂාහිඩි කපූර් සහ වර්තමානයේ බොලිවුඩයේ සිටින සුපිරි නිළියන්ගෙන් කෙනෙකු වන ක්‍රිති ෂැනොන් මෙහි ප්‍රධාන චරිත සඳහා පණ පොවනවා.
අමිත් ජෝෂ් හා ආරාධනා ෂා දෙදෙනා අධ්‍යක්ෂණය කළ මෙම චිත්‍රපටය මේ වනවිට ඉන්දීය රුපියල් කෝටි සියයකට එහා ආදායමක්ද උපයා ගැනීමටද සමත්ව තිබෙනවා. චිත්‍රපටයේ කතාව කතාව දිගහැරෙන්නේ ආර්යන් නමැති තරුණයකුට අනපේක්ෂිත ලෙස හමුවන සිෆ්රා නමි යුවතිය සමඟ ඇතිවන ප්‍රේම සබඳතාව වටාය. සිෆ්රා යනු මානව රූපයට 100%ක් සමාන ලෙස සැකසු, කෘතීම බුද්ධියකින් හෙබි රොබෝවරියකි.
එහෙත්, ආර්යන් ඒ බව නොදැන ඇයට සිය හදවතින්ම ප්‍රේම කරයි. නමුත්, අවසානයේ ආර්යයන් සිප්රා යනු රෝබෝවරියක් බව හඳුනාගනියි. ආර්යන් සහ සිෆ්රාගේ ආදර ගනුදෙනුවට අවසානයේ සිදුවන්නේ කුමක්ද යන්න එය චිත්‍රපටය නරඹාම වටහා ගන්න.
මලින්ත විතානගේ