Uthmirror

පළමු චිත්‍රපටය තරම් ඩුනේ දෙවැනි චිත්‍රපටය සාර්ථක වෙයිද

පළමු චිත්‍රපටය තරම් ඩුනේ දෙවැනි චිත්‍රපටය සාර්ථක වෙයිද

2021 වසරේ තිරගත වුණ ‘ඩුනේ’ හොලිවුඩ් චිත්‍රපටය ලොව පුරා තිරගත කිරීමෙන් ඇමරිකානු ඩොලර් මිලියන 433ක් වැනි දැවැන්ත ආදායමක් උපයා ගන්නට සමත්වූ චිත්‍රපටයකි. විද්‍යා ප්‍රබන්ධ චිත්‍රපටයක් ලෙස නිර්මාණය වූණ මෙම ‘ඩුනේ’ චිත්‍රපටය විචාරකයන් සහ ප්‍රේක්ෂකයන් අතර දැඩි කතා බහට ලක්වූවා සේම ඉහළ පෙළේ සිනමා සම්මාන උළෙලයන් හි සැළකිය හැකි මට්ටමේ සම්මාන රැසක්ද දිනාගැනීමට මෙම ‘ඩුනේ’ චිත්‍රපටය සමත් වුවා.


පළමු චිත්‍රපටය ලබාගත් අති සාර්ථකත්වයත් සමඟ එහි දෙවැනි කොටසද මේ වනවිට නිර්මාණය කොට ඇති අතර, එය ලබන මාර්තු පළවැනිදා සිට හොලිවුඩයට සමගාමිව ලොවපුරා ප්‍රදර්ශනය කිරීමටද නියමිතය.


‘ඩුනේ’ කොටස් කිහිපයකින් සමන්විත චිත්‍රපට මාලාවක් වන අතර, එය අධ්‍යක්ෂණය කරන්නේ හොලිවුඩයේ සුප්‍රකට අධ්‍යක්ෂවරයකු වන ඩෙනිස් වැලින්‍යුව්ය. ‘ඩුනේ’ පළමු චිත්‍රපටයේ කතාව බවට පත්වූයේ ‘කැලඩන්’ නමැති මනඃකල්පිත විශ්වය පාලනය කරන ‘ශදාමි’ නමැති අධිරාජ්‍යයා සහ ඔහුට විරුද්ධව අරගලයක නිරත වෙන ‘ලෙටෝ අට්‍රේඩිස්’ සහ ඔහුගේ පිරිස වටාය.


හොලිවුඩයේ නමි දැරූ ජනප්‍රිය සහ සමිමානනීය නළු නිළියන් වූ තිමෝති චාලමෙට්, සෙන්ඩ්‍යා, රෙබෙකා ෆර්ගසන්, ජොෂ් බ්‍රෝලින්, ඔස්ටින් බට්ලර්, ෆ්ලෝරන්ස් පුහ්, ඩේව් බැටිස්ටා, ක්‍රිස්ටෝපර් වෝකන්, ‘ඩුනේ’ හි රංගනයෙන් දායක වෙයි. චිත්‍රපටයේ සියළු රූගත කිරීමි හංගේරියාවේ බුඩාපේස්ට් නුවර, අබුඩාබි, ජෝර්දානය මනරමි දර්ශනතලවල සිදුකර ඇත.

  • මලින්ත විතානගේ

Leave a Reply

Your email address will not be published. Required fields are marked *