කුසල් මෙන්ඩිස්ට මිනිස්සු මෙච්චර කඩේ යන්නේ ඇයි
අදටද සමාජ මාධ්‍යය තුළ හාස්‍යයට ලක්වෙන ක්‍රිඩකයෙක් ලෙස ප්‍රසිද්ධ කුසල් මෙන්ඩිස් පිළිබඳව බොහෝ දෙනෙකු වර්තමානයේ කතා කරන්නේ පිළිකුලෙනි. එයට හේතුව නම් වසර දහයකට ආසන්න කාලයක් ශ්‍රී ලංකා ජාතික ක්‍රිකට් කණ්ඩායමේ නිත්‍ය ක්‍රීඩකයෙකු ලෙස කටයුතු කළත් ඔහුගෙන් සැළකිය යුතු දායකත්වයක් කණ්ඩායමට නොලැබීම නිසාවෙනි.
බින්දු මල්ලි, කයියනායක, උතුමාණන්, පිං කැපා යන අන්වර්ථ නාම බොහෝමයකින් සමාජ මාධ්‍යය තුළ හඳුන්වන කුසල් මෙන්ඩිස් ශ්‍රී ලංකා ක්‍රිකට් කණ්ඩායම තුළ අදටද නිත්‍ය ක්‍රීඩකයෙක් ලෙස මුල් පිතිකරුවන් අතර ක්‍රීඩා කරන්නේය. හාස්‍යයට ලක්වන කාරණය වන්නේ එකදිගට දක්ෂතා අතරටද පිවිසෙන්නේට අපොහොසත් වුවද ඔහුට එක්දින කණ්ඩායමේද නායකත්වයද පිරිනැමිමට බලධාරින් කටයුතු කර තිබීමය.
කුසල් මෙන්ඩිස් ජාත්‍යන්තරයට ක්‍රිකට් පිටියට පිවිසියේ 2014 වසරේ ඩුබායි හි පැවති වයස අවුරුදු 19න් පහළ ලෝක කුසලානයේදීය. එහෙත්, ඔහුට පසුව ජාත්‍යන්තර ක්‍රිකට් පිටියට පිවිසි බොහෝ ක්‍රීඩකයින් කුසල් මෙන්ඩිස් අභිභවා අද වනවිට දක්ෂතා අතින් බොහෝ දුර පැමිණ තිබෙනු දක්නට ලැබෙන්නේය.
බොහෝ දෙනෙකුට දැනෙන දේ නම් කුසල් මෙන්ඩිස් අදක්ෂයෙකු වුවද ඔහු වටා සිටින ප්රවිණ ක්‍රිකට් ක්‍රීඩකයින්, විචාරකයින් මෙන්ම ක්‍රිකට් පාලකයින්ද ඔහුව බේරා ගැනිමට පෙළ ගැසි සිටිමය. පසුගිය කාලයේ නිතරම දකින්නට ලැබුණ දේ නම් සනත් ජයසුරිය, මහේල ජයවර්ධන, නුවන් සොයිසා, ධම්මික ප්‍රසාද්, දිල්හාර ප්‍රනාන්ඳු, ෆර්විස් මහරුෆ්, නවිඩ් නවාස් වැනි ජ්‍යෙෂ්ඨ ක්‍රිකට් ක්‍රීඩකයෝ කුසල් මෙන්ඩිස් දක්ෂතා අතර නැතිමුත් ඔහුගේ ගුණවයනා කරමින් ඔහු අගය කරන්නට කටයුතු කිරිිමය.
අදක්ෂ කුසල් මෙන්ඩිස්ට වඩා ආදේශ කරන්නට හැකි ක්‍රීඩකයෝ බහුතරයක් දේශිය ක්‍රිකට් පිටිය තුළ සිටියද ඔවුන් කිසිවෙකු ඒ ගැන කතා කරන්නට අදිමදි කිරීමද ශ්‍රී ලංකාවේ ක්‍රිකට්වල තත්ත්වය මනාවට අපට පැහැදිළි වන්නේය. වර්තමාන තේරිම් කමිටුව පාලකයින්ගේ රූකඩ බවට මේ කරුණු කාරණා නිසා පත්ව ඇති බව පෙනේනට ඇත. කුසල්ගේ දක්ෂතා ගැන කතා කරන විට ඔවුන්ගේ පිළිතුරු වන්නේ තවමත් ඔහු අත්දැකිම් එක් කරගනිමින් සිටින ක්‍රීඩකයෙකු බවය. නායකයෙක් වුවද ඔහුගේ විනය විරෝදි හැසිරිම් පිළිබඳව පෙන්වා දුන් මුත් තේරිම් කමිටුව හාවක් හූවක් නැතුව ඒ කාරණා සියල්ල යටපත් කරමින් ඔහුුුව එක්දින කණ්ඩායමේ නායකත්වයට පත් කළේ මුළු ජාත්‍යන්තර ක්‍රිකට් ක්‍රිඩාව තුළ හැල්ලුවට ලක් වෙමිනි.
කොවිඩ් වසංගත කාලයේදි එංගලන්ත තරග සංචාරයක් අතරතුරදී සිය ජව්යබුබුලෙන් අනවසරෙන් පිටවීම හරහා මාස කිහිපයකට තරග තහනමකට කුසල් මෙන්ඩිස් ලක්වූ අවස්ථාවේදි ඔහු හා එම වරදට හසුවු දනිෂ්ක හා දික්වැල්ලගේ පුරාප්පාඩුව පිරවිමට පැමිණි පැතුම් නිශ්ශංක මෙන්ම චරිත්අසලංකද අද වන විට දක්ෂතා අතින් කුසල් මෙන්ඩිස්ද අභිභවා ඉදිරියට පැමිණිමට සමත්ව තිබීම කැපි පෙනෙන්නකි. ඉන් පෙනී යන්නේ ෙම් වන විට කොට කුසල් මෙන්ඩිස් කණ්ඩායමේ තබා ගැනිම හරහා ඔහුට වඩා දක්ෂතා දැක්වීමට හැකි ක්‍රීඩකයෝ රැසකගේ ක්‍රිකට් ගමන අසාධාරණයට ලක්ව තිබීමය. ඊට හොඳම නිදසුන නම් කමිඳු මෙන්ඩිස්ය. වසර ගණනාවක් තිස්සේ කමිඳු ජාතික කණ්ඩායම්වල දෝලනය වන ක්‍රීඩකයෙකි. වරක ඔහු ටෙස්ට් කණ්ඩායමේ සිට අතර, තවත් විටෙක ඔහු විස්සයි 20 කණ්ඩායමේ සිටියි. ඒ නමුත්, ඔහුට අද වනවිටත් ස්ථිර තැනක් කණ්ඩායම තුළ හිමි නොවිම පුදුම සහගත දෙයකි.
නමක් දිනු ලංකාවේ ක්‍රිකට් විස්තර විචාරකයෝ පවා කුසල් මෙන්ඩිස් සුපිරි පිතිකරුවන්ට ආදේශ කරන මුත්, ඔහුට වඩා බොහෝ වයසින් අඩු ශුබ්මන් ගුල්, රචින් රවින්ද්‍යා, යසස්වි ජයිස්වාල්, මර්නෙස් ලඹුස්චෙන්ග් වැනි ක්‍රීඩකයින්ට හෝ ළං වන්නට තරම් කුසල් මෙන්ඩිස් දක්ෂයෙකු නොවන බව අපට පුන පුනා කිව හැකිය. ජිවිතාන්තය දක්වා ජාතික කණ්ඩායමේ ස්ථානය දුන්නද ඔහුට ඉහත සඳහන් ක්‍රීඩකයින්ගේ දක්ෂතා අතරට පැමිණිමට නොහැකි බව ඔහුව සාධාරණය කරන ප්රවිණයින්ටද සක්සුදක් ෙස් පැහැදිළිය.
කොතරම් කුසල් මෙන්ඩිස් ගැන වැල්වටාරම් ලිව්වද ඔහුගේ අනාගතය හා ලංකාවේ ක්‍රිකට්වලට ඔහුගෙන් තියෙන බලපෑම ගැන තිරණ ගත යුත්තේ ක්‍රිකට් තේරිම් කමිටු සාමාජිකයන් හා ක්‍රිකට් බලධාරින් මිස අප නොවන බව සඳහන් කරන්නට කැමැතිය. ඒ බැවින් අනාගතයට විහිළු සපයන ක්‍රීඩකයෙකු නොවී රටට වැඩදායක ක්‍රීඩකයෙකු තෝරා ගැනිම තිරණය බලධාරින් සතුව ඇති බව මතක් කරන්නට අප කැමතියි.