අනූනමයෙන් මරණයෙන් බේරුණ ඉන්දීය සුරුපිනිය
ඉන්දීය සිනමා නිළි රශ්මිකා මන්දනා ගමන් ගත් ගුවන් යානයක් හදිසි ගොඩබෑමකට ලක් කර ඇත. ඒ එහි ඇති ව තිබූ කාර්මික දෝෂයක් නිසාවෙනි. ඇය පෞද්ගලික අවශ්‍යතාවයකට මුම්බායි සිට හයිද්‍රබාද් නගරය බලා ගමන් කර ඇත. යානය ගුවන් ගත වී විනාඩි 30කින් අනතුරුව එහි කාර්මික දෝෂය හඳුනාගෙන තිබූ අතර මගීන්ගේ ආරක්ෂාව සඳහා ගුවන් යානය හදිසි ගොඩබෑමකට ලක් කර තිබේ.
රශ්මිකා මන්දනා සමඟ සිනමා නිළී ශ්‍රද්ධා දාස්ද මෙම ගුවන් යානය තුළ ගමන් කර ඇත. අනතුරුව අදාළ ගුවන් සමාගම විසින් විකල්ප යානයක් මෙම ගමන සඳහා ආදේශ කර තිබේ. මේ සිදුවීම සම්බන්ධයෙන් සිය සමාජ මාධ්‍ය ගිණුමෙහි සටහනක් තබමින් රශ්මිකා මන්දනා ප්‍රකාශ කර තිබුණේ, අනුනමයෙන් තමන් අද මරණයෙන් බේරුණ බවය.
අති සාර්ථක ඇනිමල් චිත්‍රපටයේ රඟපෑ රශ්මිකා මේ දිනවල අලුත් චිත්‍රපට කිහිපයකම වැඩ කරමින් සිටින බව වාර්තා වෙයි. එමෙන්ම ඇයගේ විවාහයද මේ වසර අගදී සිනමා නළු විජේ දේවර්කෝන්ඩා සමගින් පැවැත්විමට නියමිතව ඇත.