Uthmirror

සෙක්ස් ලයිෆ් එක ගොඩ දාගන්න පොඩි ක්‍රම ටිකක්

සෙක්ස් ලයිෆ් එක ගොඩ දාගන්න පොඩි ක්‍රම ටිකක්

එකිනෙකාට කොච්චර ආදරයෙන් හිටියත් ටික කාලේකට පස්සෙ ඔයාලගේ ලිංගික ජීවිතේ ඒකාකාරී වෙනවා. බොහෝ දෙනෙක් අත්දැකිමෙන් කියන්නේ කාලයක් යන කොට සෙක්ස් කරන එක මහවදයක් වෙනවා කියලා. ඒක ඉතින් කාගේවත් වරදක් නෙවෙයි. හැබැයි ඒක දිගින් දිගටම තිබුණොත් ජිවිතේ බොහෝ අවස්ථාවලදි ප්‍රශ්න ඇති වෙන්න පුළුවන්. සෙක්ස් ලයිෆ් එක එහෙම අවුල් වුණ අයට නැවතත් සෙක්ස් ලයිෆ් එක හදාගන්න පොඩි ක්‍රම ටිකක් තමා අපි මේ කියන්න යන්නේ.


ඔයා හැමදාම සෙක්ස් කරන්නෙ එකම තැනක එකම ඉරියව්වක නම්, ඔයාට ඒක තරමක් ඒකාකාරි වෙන්න පුළුවන්. මේ තැන මාරු කරලා අලුත් ක්‍රමයකට සෙක්ස් කළොත් ලොකු තෘප්තියක් ලබන්න පුළුවන්. මුළුතැන්ගේ මේසයක් උඩ, එහෙම නැත්නම් බාතෲම් එකේ, සාලේ සෝෆා එකක වුණත් කමක් නැහැ, වෙනසකටත් එක්ක ඒවගේ තැනක සෙක්ස් කරලා බලන්න. අලුත් ක්‍රමයක් අත්හදා බලනවා වගේ නම් ඉතින් තමන්ගේ වාහනේ ඇතුළේ වුණත් මේ වැඩේට හොඳයි. වෙනස් පරිසරය, වෙනස් ආලෝකය, වෙනස් ශබ්ද ඔයාට අලුත්ම හැඟීමක් ගෙන එයි කියලා විශ්වාසයි.


ගොඩක් වෙලාවට අපි පුරුදු වෙලා ඉන්නේ සෙක්ස් කරන්න කලින් ඇඳුම් ඔක්කොම ඉවත් කරන්නනේ. ඒත්, ඔක්කොම ඇඳුම් ගලවන්නෙ නැතුව සෙක්ස් කරන එක අමුතුම වින්දයක් ඇති කරනවා කියලා ලිංගීකත්වය පිළිබඳව නිතරම පර්යේෂණ කරන වෛද්‍ය කණ්ඩායමක් නිර්දේශ කරලා තියෙනවා.


අපේ රටේ දැන් ඕනෙතරම් ලිංගික සෙල්ලම් බඩු එහෙමත් නැත්නම් සෙක්ස් ටොයිස් ගන්න පුළුවන් තැන් අද ගොඩක් තියෙනවා. එහෙම නැතත් ඔන්ලයින් ක්‍රමයට ගෙන්න ගන්නත් පුළුවන්. හොඳම දේ නම් දෙන්නත් එක්කම ගිහින්, දෙන්නගෙම කැමැත්තට ඒ දේවල් ගන්න ඒක. ඒ අත්දැකීමත් ඉතින් වෙනස් එකක් වෙනවාට ආයේ සැකයක් නැහැ.
මේ දේවල් කරලත් ඔයාට හිතෙනවා නම් තවම මේ ගැටලුව විසඳුණේ නෑ කියලා, දෙන්නම කතා කරලා ලිංගික විශේෂඥ වෛද්‍යවරයෙකුගේ සේවය ලබාගන්න. මේ සාමාන්‍ය තත්ත්වයක් නිසා පැකිලෙන්න ඕනෙ නෑ. ඔබගේ ලිංගික ගැටලු හැම එකකටම විසඳුම් තියෙනවා.
උපුටා ගැනීමක්

Leave a Reply

Your email address will not be published. Required fields are marked *