මිනිමැරුමක් පාදක කරගෙන හැදුණ සිංහල චිත්‍රපටය
මේ දිනවල දේශිය සිනමාව තුළ ප්‍රදර්ශනය වන ‘1970 Love Story’ සිංහල චිත්‍රපටය කාලාන්තරයක් සිට ලංකාවේ ප්‍රේක්ෂකයන් මහත් බලාපොරොත්තු දල්වාගෙන සිටි චිත්‍රපටයකි. චිත්‍රපටය අධ්‍යක්ෂණය කරන්නේ ‘නිකිණි වැස්ස’, ‘හැපි බර්ත් ඩේ’ සහ ඉදිරියෙදී තිරගත වන්නට නියමිත ‘මාරියා’ චිත්‍රපට අධ්‍යක්ෂණය කළ අරුණ ජයවර්ධන විසිනි.
1970 දශකයේ උඩරට කලාපයේ තේ වතු ආශ්රිත පිහිටි බංගලාවක සිදුවූ අභිරහස් මිනීමැරුමක් පාදක කරගෙන තමයි චිත්‍රපටයේ කතාව නිර්මාණය වෙන්නේ. මෙම බංගලාවේ ජීවත් වන ‘කිලිෆර්ඩ් දුණුවිල’ සහ ‘ෂෙරීන් දුණුවිල’ නමි විවාහක යුවළ මුහුණ දෙන කරදර මාලාවක් පිළිබඳ චිත්‍රපටයේ කතාව තුළ අන්තර් ගත වෙයි.
විනාඩි 110ක් පුරා දිවෙන 1970 Love Story චිත්‍රපටය සමන් එදිරිසිංහගේ නිෂ්පාදනයක් වගේම සිනමාකරණය චන්න දේශප්‍රියගෙන්. නුවරඑළිය, බගවන්තලාව, ඇල්ල වැනි මනරමි දර්ශනතලවල රූගත කර තිබෙන මෙම චිත්‍රපටය සඳහා පසුබිම් ගායනය සඳහා සූර්යා දයාරුවන්, සමිතා මුදුන්කොටුව, ඉන්දික රුවන්, සුරේන්ද්‍ර පෙරේරා, පුෂ්පික සුලක්ෂාන් දායකව සිටියි.
සිංහල සිනමාවේ නූතන සිහින කුමාරයා හේමාල් රණසිංහ සහ රූ රැජිණක් වූ ගම්‍යා විජයදාස ප්‍රධාන චරිත මවන මේ අපුරු ආදර කතාවේ සෙසු චරිත විදිහට මහේන්ද්‍ර පෙරේරා, බිමල් ජයකොඩි, අෂාන් ඩයස්, සරත් කොතලාවල, සඳලි ප්‍රනාන්දු, සමන් හේමරත්න, අසංග පෙරේරා, නන්දන හෙට්ටිආරච්චි ඇතුළු නළු නිළියන් පිරිසක් රංගනයෙන් දායක වෙනවා. ප්‍රේමය, ත්‍රාසය, කුතුහලය කැටිකොටගත් ‘1970 Love Story’ චිත්‍රපටය මේ වසරේ නැරඹිය යුතු ලස්සනම ලස්සන චිත්‍රපටයක්ද වෙයි.
මලින්ත විතානගේ